Latest News

ඉරානයේ උත්තරීතර නායකයා අමෙරිකාවට යළිත් අනතුරු අඟවයි

Published 2 hours ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

අමෙරිකාව විසින් තමන්ට පහර දුන්නොත් එය කලාපීය යුද්ධයක් දක්වා වර්ධනය විය හැකි බවට ඉරානයේ උත්තරීතර නායකයා අනතුරු අඟවා තිබේ.

ඒ අනුව ඉරාන උත්තරීතර නායක අයතුල්ලා අලි කමේනි අනතුරු අඟවා ඇත්තේ තම රටට එල්ල වන ඕනෑම ප්‍රහාරයක් කලාපීය ගැටුමකට තුඩු දිය හැකි බවයි.

කෙසේ වෙතත් ටෙහෙරානයේ න්‍යෂ්ටික වැඩසටහන සම්බන්ධයෙන් ඩොනල්ඩ් ට්‍රම්ප් ජනාධිපතිවරයා සමඟ ගිවිසුමක් ඇති කර ගත හැකි බවට තමා විශ්වාස කරන බවයි ඉරාන විදේශ අමාත්‍ය අබ්බාස් අරග්චි පැවසුවේ.

එමෙන්ම ඉරානයේ ඉහළම ආරක්ෂක නිලධාරි අලි ලරිජානි මීට පෙර පවසා තිබුණේ සාකච්ඡා ප්‍රගතියක් ලබා ඇති බවයි.

මේ අතර අමෙරිකාව තම ගුවන් යානා ප්‍රවාහන නෞකාවක් වන යූඑස්එස් ඒබ්‍රහම් ලින්කන් නෞකාව ද ඉරාන කලාපයට යවා ඇති අතර පසුගිය සතියේ අගභාගයේදී අමෙරිකා මධ්‍යම අණදෙන නිලධාරියා පැවසුවේ එය අරාබි මුහුදේ ක්‍රියාත්මක වන බවයි.

World News

Send your contact Details Today