Latest News

පාකිස්තානයේ හැසිරීම ගැන ICC කනසල්ලෙන්

Published 2 hours ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

2026 පන්දුවාර විස්සයි විස්සයි ලෝක කුසලාන තරගාවලිය සඳහා පාකිස්තාන කණ්ඩායම යළිත් සහභාගීවීමට ගෙන ඇති තීරණය පිළිබඳව ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය සිය දැඩි කණස්සල්ල පළ කර තිබේ.

ඒ අනුව ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය පවසන්නේ පාකිස්තානය විසින් ගෙන ඇති එම තීරණය තරගාවලියේ ජීවගුණයට දැඩි හානියක් එක්කරන බවයි.

පාකිස්තාන ක්‍රිකට් මණ්ඩලයෙන් නිල සන්නිවේදනයක් බලාපොරොත්තුවෙන් සිටියද, මෙම ස්ථාවරය, සියලුම සුදුසුකම් ලත් කණ්ඩායම් ඉසව් කාලසටහනට අනුව සමාන කොන්දේසි මත තරග කිරීමට අපේක්ෂා කරන ගෝලීය ක්‍රීඩා ඉසව්වක මූලික පදනම සමඟ සැසඳීම දුෂ්කර බව ICC නිකුත් කළ නිවේදනයේ සඳහන්.

ජාතික ප්‍රතිපත්තිමය කාරණාවල දී රජයන්ගේ භූමිකාවන්ට ගරු කරනු ලබන නමුත්, මෙම තීරණය ගෝලීය ක්‍රීඩාවේ හෝ පාකිස්තානයේ මිලියන ගණනක් ඇතුළුව ලොව පුරා රසිකයින්ගේ යහපත සඳහා හේතු නොවන බවත් ICC ය අවධාරණය කරයි.

පාකිස්තානයේ ක්‍රිකට් පාලක මණ්ඩලය විසින් තමන්ගේම රටේ ක්‍රිකට් සඳහා සැලකිය යුතු හා දිගුකාලීන ඇඟවුම් සලකා බලනු ඇතැයි බලාපොරොත්තු වන බවත්, මෙය තමන් සාමාජිකයෙකු සහ ප්‍රතිලාභියෙකු වන ගෝලීය ක්‍රිකට් පරිසර පද්ධතියට බලපානු ඇති බවද එම නිවේදනය හරහා සිහිපත් කර සිටියි.

ICC පිරිමි විස්සයි විස්ස ලෝක කුසලානය සාර්ථකව පැවැත්වීම ICC හි ප්‍රමුඛතාවය වන අතර, එය පාකිස්තාන ක්‍රිකට් පාලක මණ්ඩලය ඇතුළු එහි සියලුම සාමාජිකයින්ගේ වගකීම විය යුතු යැයි ද සිය නිවේදනයෙන් අවධාරණය කර තිබේ.

එමෙන්ම සියලුම පාර්ශ්වකරුවන්ගේ අවශ්‍යතා ආරක්ෂා කරන අන්‍යෝන්‍ය වශයෙන් පිළිගත හැකි යෝජනාවක් පාකිස්තානය විසින් ඉදිරිපත් කරනු ඇති බව ICC අපේක්ෂා කරයි.

World News

Send your contact Details Today