Latest News

බලුකිස්තානයේ නගර 14 ක විවිධ ස්ථාන 48 කට ප්‍රහාර

Published 2 hours ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

පසුගිය පැය දහය තුළ බලුකිස්තානයේ නගර 14 ක විවිධ ස්ථාන 48 කට ප්‍රහාර එල්ල කර තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ඒ බලුකිස්තාන විමුක්ති හමුදාව හෙරොෆ් මෙහෙයුමේ දෙවැනි අදියර යටතේයී.

පාකිස්තාන හමුදා විසින් පරිපාලන සහ ආරක්ෂක ව්‍යුහයන් එකවර ඉලක්ක කර ගෙන මෙම ප්‍රහාරය දියත් කළ බව බලුච් විමුක්ති හමුදාව නිවේදනය කළේය.

මෙම මෙහෙයුමේදී පාකිස්තාන හමුදා අංශ සාමාජිකයන් ඇතුලු 84 දෙනෙක් ජීවිතක්ෂයට පත්ව තිබෙන බවයි වාර්තා වන්නේ.

සටන්කරුවන් මධ්‍යම හමුදා මූලස්ථානය ඇතුළු සතුරු මුරපොලවල් කිහිපයක් සාර්ථකව අත්පත්කර ගෙන තිබෙන බව ද වාර්තා වේ.

මෙහෙයුම අතරතුර, බැංකු, රජයේ කාර්යාල සහ බන්ධනාගාර ඇතුළුව රජයේ දේපළ 30 කට වැඩි ප්‍රමාණයකට හානි සිදුව ඇති අතර ආරක්ෂ අංශ සතු වාහන 23ක් ද ගිනි තබා විනාශ කෙරුණු බව සඳහන්.

World News

Send your contact Details Today