අමෙරිකාව පුරා විරෝධතා සහ ජාතික වැඩවර්ජනයක් ආරම්භ වී තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
ඒ අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ දැඩි සංක්‍රමණික ප්‍රතිපත්ති සහ එරට සංක්‍රමණ හා රේගු බලාත්මක කිරීමේ නියෝජිතායතනයේ ක්‍රියාකලාපයට එරෙහිවයි.
මේ යටතේ රැකියා සඳහා වාර්තා කිරීමෙන්, පාසල් යාමෙන් සහ වෙළෙඳ කටයුතුවලින් වැළකී ජනතාව සිය විරෝධය පළ කරන බවයි එම මාධ්‍ය වාර්තා පැවසුවේ.
මෑතකදී මිනියාපොලිස් නගරයේදී පුද්ගලයන් දෙදෙනෙකු ඝාතනය වීම මෙම දැවැන්ත විරෝධතා රැල්ලට ආසන්නතම හේතුව වී තිබේ.
ඒ අනුව, මේ වනවිට අමෙරිකාවේ ප්‍රාන්ත 50 පුරා නගර 300 කට අධික සංඛ්‍යාවක විරෝධතා සංවිධාන කර ඇති බව විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කරයි.