පසුගිය දෙසැම්බර් 03 වනදා වෙන්නප්පුව ප්‍රදේශයෙන් මුහුදු ගිය ‘දිනිති දුව’ ධීවර යාත්‍රාව සහ තවත් ධීවර යාත්‍රාවක සිටි ධීවරයින් 12 දෙනෙකුට ඉන්දීය නාවික හමුදා නිලධාරීන් පිරිසක් පහර දුන් බවට එම ධීවරයින් පවසයි.
ධීවරයින්ගේ ඥාතීන් පවසන්නේ පසුගිය 28 වැනිදා ජාත්‍යන්තර මුහුදේ ධීවර කටයුතු සිදු කර නැවත ශ්‍රී ලංකාවට පැමිණෙමින් සිටියදී ශ්‍රී ලංකා වේලාවෙන් උදෑසන 6ට පමණ ඉන්දීය නාවික හමුදා නෞකාවක් පැමිණ ඔවුන්ව අත්අඩංගුවට ගෙන එහි සිටි නිලධාරීන් ඔවුන්ට පහර දුන් බවයි.
පහර කෑමෙන් ධීවරයන් සිව්දෙනෙකු බරපතල තුවාල සහ තැලුම් සහිතව නැවත පැමිණෙමින් සිටියදී ශ්‍රී ලංකා නාවික හමුදාවට මේ සම්බන්ධයෙන් දැනුම් දී තිබේ.
ඒ අනුව පහර කෑමෙන් ධීවරයන් සිව්දෙනෙකු බරපතල තුවාල ලබා ඇති අතර ඔවුන් ශ්‍රී ලංකා නාවික හමුදාවේ මැදිහත්වීමෙන් කරාපිටිය රෝහලට ඇතුළත් කර තිබේ.
සිද්ධිය සම්බන්ධයෙන් ඥාතීන් විසින් රෝහල් පොලිසියට පැමිණිලි කර තිබේ.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් අදහස් දක්වමින් ධීවර, ජලජ සහ සාගර සම්පත් නියෝජ්‍ය අමාත්‍ය රත්න ගමගේ සඳහන් කළේ, මේ සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකරන ලෙස නාවික හමුදාවට සහ විදේශ කටයුතු අමාත්‍යංශයට උපදෙස් දුන් බවයි.