Latest News

ගාසා නගරය යළි ඇවිලෙයි

Published 2 hours ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

ගාසා නගරයට සහ ඛාන් යුනිස් ප්‍රදේශයට එල්ල වූ ඊශ්‍රායල ප්‍රහාරවලින් ළමුන් හය දෙනෙකු ඇතුළු අවම වශයෙන් පලස්තීනුවන් 29 දෙනෙකු මියගොස් ඇති බව වෛද්‍ය ආරංචි මාර්ග උපුටා දක්වමින් විදෙස් පුවත් සේවය වාර්තා කරයි.

2024 මැයි මාසයෙන් පසු පළමු වතාවට, ගාසා තීරය සහ ඊජිප්තුව සම්බන්ධ කරන රෆා දේශසීමා පිවිසුම නැවත විවෘත කිරීමට නියමිතව තිබියදී මෙම ප්‍රචණ්ඩ ක්‍රියා සිදුවෙමින් තිබෙන බවයි වාර්තාවල දැක්වෙන්නේ.

ඔක්තෝබර් 10 වැනිදා ඇමරිකානු මැදිහත් වීමෙන් ඇති කරගත් සටන් විරාමයෙන් පසුව පමණක් ඊශ්‍රායල හමුදා විසින් පලස්තීනුවන් 500කට වැඩි පිරිසක් මරා දමා ඇතැයි ද සඳහන්.

2023 ඔක්තෝබර් මාසයේ සිට ආරම්භ වූ මෙම යුද්ධයෙන් මේ දක්වා අවම වශයෙන් පුද්ගලයින් 71,769 දෙනෙකු මියගොස් ඇති අතර 171,483 දෙනෙකු තුවාල ලබා තිබේ.

එමෙන්ම, 2023 ඔක්තෝබර් 7 වන දින හමාස් සංවිධානය විසින් ඊශ්‍රායලයට එල්ල කළ ප්‍රහාරවලින් පුද්ගලයන් 1,139 දෙනෙකු පමණ මියගිය අතර තවත් 250 දෙනෙකු පමණ ප්‍රාණ ඇපයට ගැනුණි.

World News

Send your contact Details Today