රට තුළ සිටියදී අවම වශයෙන් වසරක සිර දඬුවමක් නියම වන විදේශිකයන්ඩෙන්මාර්කයේ පිටුවහල් කිරීමට එරට රජය තීරණය කර තිබේ.
අගමැති මෙට් ෆ්‍රෙඩ්රික්සන් නිවේදනයක් නිකුත් කරමින් මේ බව පවසා ඇත.
මෙම නව ප්‍රතිසංස්කරණයට අනුව, දරුණු ලෙස පහරදීම් සහ ස්ත්‍රී දූෂණ වැනි බරපතළ අපරාධ සඳහා වසරක හෝ ඊට වැඩි කොන්දේසි විරහිත සිර දඬුවම් ලබන විදේශිකයන් අනිවාර්යයෙන්ම රටින් පිටුවහල් කළ යුතු බවයි ඇය අවධාරණය කරන්නේ.
පවතින ජාත්‍යන්තර නීති රාමුව තුළ තමන්ට යා හැකි උපරිම දුර යාමට රජය සූදානම් බව ඇය අවධාරණය කරයි.
ජාත්‍යන්තර නීති ප්‍රමාණවත් නොවන අවස්ථාවලදී ඒවා වෙනස් කළ යුතු බවයි ඇය පෙන්වා දෙන්නේ.
මානව හිමිකම් පිළිබඳ යුරෝපීය අධිකරණය (ECHR) සිය ක්‍රියාපටිපාටිය වෙනස් කරන තෙක් බලා සිටීමෙන් වැඩි කාලයක් ගතවන බැවින්, ඒ සඳහා බලා නොසිට දැනටමත් ඩෙන්මාර්ක නීති වෙනස් කිරීමට පියවර ගන්නා බව ද අගමැතිනිය සඳහන් කළාය.
මීට අමතරව, බලධාරීන්ට වාර්තා කිරීමේ නියෝග පැහැර හරින විදේශීය අපරාධකරුවන්ට වසරක කාලයක් සඳහා GPS පාද පටි (GPS anklet) පැළඳ සිටීම අනිවාර්ය කිරීමට ද මෙම ප්‍රතිසංස්කරණ මගින් පියවර ගෙන තිබේ.