Latest News

“පාරෙ යද්දි කට්ටිය කතා කරලා බණිනවා” – ඉසුරංග ජයකුමාර

Published 2 hours ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

වර්තමාන කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම අනන්‍ය වූ ගමනක් යන තරුණ නිර්මාණකරුවන් අතර ඉසුරංග ජයකුමාර යනු සුවිශේෂී චරිතයකි. මේ දිනවල සිරස නාළිකාවේ විකාශය වන කොටු ටෙලි නිර්මාණයේ කසුන්ගේ චරිතයට පණ පොවමින් ප්‍රේක්ෂකයන්ගේ ආදරය දිනා සිටින ඔහු වේදිකා නාට්‍ය ශිල්පියකු ලෙස ද ජනප්‍රිය චරිතයකි. සමාජ මාධ්‍ය අන්තර්ගත නිර්මාණකරුවකු (Social Media Content Creator) ලෙස ද ජනප්‍රියව සිටින මේ දිනවල කාගේත් කතාබහට ලක්වන “කොටු“ ටෙලි නිර්මාණයේ කසුන් ගැන කතා කරන්නට ඔහු අප හා එක්වීය.

ඉසුරංග ජයකුමාර කියන චරිතය හඳුන්වා දෙනවා නම්?

වේදිකා නාට්‍ය ශිල්පියෙක්. ඒ වගේම Social media content creator කෙනෙක් විදිහටත් හඳුන්වා දෙන්න පුළුවන්. මගේ ගම බණ්ඩාරවෙල නගරයේ ඇතුළට වෙන්න පිහිටි පුංචි ගම්මානයක් වන රන්වන්ගුහාව. පවුලෙ ඉන්නේ අම්මයි, තාත්තයි, නංගි, මමයි. තාත්තා ග්‍රාම නිලධාරීවරයෙක්. මම පාසල් දෙකකින් අධ්‍යාපනය හදාරලා තියෙනවා. මුලින්ම ගියේ කිරිවනාගම නවෝද්‍යා මහා විද්‍යාලයට. ඊට පස්සේ බණ්ඩාරවෙල ධර්මාශෝක විද්‍යාලයට.

මේ දිනවල ඔබ කොටු ටෙලි නිර්මාණයේ කසුන් නිසා ගොඩක් ජනප්‍රියයි.

කොහොමද ලැබෙන ප්‍රතිචාර..?

චරිතයට අදාළව හොඳ ප්‍රතිචාර ලැබෙනවා. මේ දිනවල සතුටු හිතෙන සුන්දර අත්දැකීම්වලට මුහුණ දෙනවා. සාමාන්‍ය ජීවිතේ පැත්ත ගත්තොත් තාම මෙහෙම අමාරුවක නම් වැටිලා නෑ. මේ දවස්වල පාරෙ යද්දි කට්ටිය කතා කරලා බණිනවා මොනවද ඒ කරන වැඩ කියලා. මහ රෑ 12ට 1ට විතර දන්නේ නැති නම්බර්වලින් කෝල් එනවා. මාව බයිට් කරනවා. ඒ හැම දේකින්ම මට හිතෙන්නේ මං චරිතයට උපරිම සාධාරණයක් කරනවා කියලා .

රංගනයට අමතරව වෙනත් හැකියාවන් මොනවද…?

රංගනයට අමතරව හඬකැවීම් ශීල්පියකු ලෙසත් කටයුතු කරනවා.ගොඩක්ම කාටූන් චරිත තමයි හඬ කැවීම් කරන්නේ. මගේම Youtube channel එකක් කරනවා. ඒ වගේම සංගීත භාණ්ඩ වාදනය කරන්නත් පුළුවන්. ඒ දේවල් මම තනියෙන් ඉගෙන ගත්තේ.

ඔබ ජීවිතේ හැරවුම් ලක්ෂ්‍යය විදිහට දකින්නේ?

මම රඟපාන්න කොළඹට ආපු එක වගේම පාසල් වේදිකාවත් මම දකින්නේ මගේ ජීවිතේ හැරවුම් ලක්ෂ්‍යය විදිහට.

ඉසුරංග අනාගතේ ඉසුරංගව දකින්න කැමති කොහොමද…?

බලාපොරොත්තු ගොඩක් නම් නෑ. චරිතාංග නළුවෙක් විදිහට මලයාලම් සිනමාවට යන්න ලොකු ආසාවක් තියනවා. ඒක තමයි මගෙ ලොකුම බලාපොරොත්තුව. ඉදිරියේ විකාශය වන නිර්මාණ කිහිපයකටම සම්බන්ධ වෙලා තියෙනවා. ලැබෙන දෙයක් හොඳ විදිහට භාර ගන්න ඕනි.

World News

Send your contact Details Today