Latest News

අමෙරිකා – ඉරාන යුධ ගැටුමක පෙරනිමිති පහළවෙයි

Published 1 hour ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

අමෙරිකා යුද නෞකා ගල්ෆ් කලාපය වෙත ලංවෙමින් සිටින අතර ඉරානය යුද ගැටුමකට සුදානම් වන බවට විදෙස් මාධ්‍ය වාර්තා පළ කරයි.

කෙසේවෙතත් අමෙරිකාව හා ඉරානය අතර යුද ගැටුමක් ඇති වීම වැළැක්වීම සඳහා කලාපීය රාජ්‍ය තාන්ත්‍රිකයින් දැඩි උත්සහයක නිරත වෙයි.

හමුදා ක්‍රියාමාර්ග ගන්නා බවට අමෙරිකාව අඛණ්ඩව තර්ජනය කරන අතර තම රට ආරක්ෂා කිරිම සඳහා ඕනෑම ක්‍රියාමාර්ගයක් ගන්නා බවයි ඉරානය සඳහන් කරන්නේ.

ඒ අනුව අමෙරිකාව සමග සාකච්ඡා කිරීම නොව රට ආරක්ෂා කිරීමට 200%ක සුදානමක් ඇති කිරීම තම ප්‍රමුඛතාවය බවයි ඉරානය සඳහන් කරන්නේ.

එමෙන්ම අමෙරිකාවේ ප්‍රහාරයක යුද නෞකා මේ වන විටත් ගල්ෆ් කලාපයට ආසන්න වෙමින් සිටින බවට ද වාර්තා පළවෙයි.

World News

Send your contact Details Today