Latest News

🏏 SL vs ENG T20: ඩක්වත් ලුවිස් ලංකාවට තරගය අහිමි කළත්, දසුන්ගෙන් වාර්තාවක්

Published 2 hours ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

සංචාරක එංගලන්තය කණ්ඩායම සහ ශ්‍රී ලංකාව අතර පැවති පළමු විස්සයි විස්ස තරගයේ ජය වාර්තා කිරීමට එංගලන්ත කණ්ඩායම සමත් විය.

තරගය ආරම්භ කිරීමට ප්‍රථමව ඇතිවූ වර්ෂා තත්ත්වයත් සමඟ තරගයේ ඉනිමක් පන්දුවාර 17කට සීමා වුණි.

කෙසේවෙතත් පළමුවෙන් පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා කණ්ඩායමට පන්දුවාර 16යි පන්දු 02කට මුහුණදෙමින් සියල්ලන් දැවීගොස් රැස්කර ගැනීමට හැකි වූයේ ලකුණු 133ක් පමණයි.

එංගලන්තය වෙනුවෙන් සුපිරි පන්දු යැවීමක නිරත වූ අදිල් රෂීඩ් ලකුණු 19කට කඩුලු 03ක් දවා ගැනීමට සමත් විය.

එමෙන්ම ශ්‍රී ලංකා ඉනිමේ අවසන් භාගයේ ක්‍රියාත්මක වූ සෑම් කරන් ජ්‍යාත්‍යන්තර විස්සයි විස්ස කඩුලු ත්‍රිත්වයක් දවා ගත්තේය.

එම කඩුලු ත්‍රිත්වයේ ආරම්භක කඩුල්ල ලෙස දැවී ගිය දසුන් ශානක, ජාත්‍යන්තර විස්සයි විස්ස තරගවලදී වැඩිම වාර ගණනක් කඩුලු ත්‍රිත්වයේ අවස්ථාවන්ට හසු වූ පිතිකරුව බවට පත්වෙමින් ජාත්‍යන්තර පිටියේ වෙනස් ආකාරයේ වාර්තාවක් පිහිටුවනු ලැබුවේය.

ඒ අනුව ලකුණු 133ක ඉලක්කයක් වෙනුවෙන් පිටියට පිවිසි එංගලන්ත කණ්ඩායම පන්දුවාර 15ක් තුළ කඩුලු 04ක් පමණක් දැවීගොස් ලකුණු 125ක් රැස්කර ගෙන සිටිය දී නැවතත් තරගයට්ර වර්ෂාවෙන් බාධා එල්ල විය.

කෙසේ වෙතත් ඒ වන විට එංගලන්තය සඳහා ජයග්‍රහණයට අවශ්‍ය කර තිබුණේ පන්දු 12කට ලකුණු 09ක් පමණයි.

ඒ අනුව ඩක්වත් ලුවිස් න්‍යායට එංගලන්තය එම ඉලක්කය තවත් වැඩි ලකුණු 11ක් සමගින් සපුරා ගෙන තිබිණ.

මෙම ජයග්‍රහණයත් සමඟ තරග තුනකින් සමන්විත තරගාවලියේ එංගලන්තය පෙරමුණ ගැනීමය සමත් විය.

දෙවන තරගය හෙට (01) රාත්‍රී 07.00ට පල්ලෙකැලේ ක්‍රීඩාංගනයේ දී පැවැත්වීමට නියමිතයි.

World News

Send your contact Details Today