Latest News

යුක්‍රේනයේ සීතලෙන් යුධ ගිනි සතියකට නිවෙයි

Published 2 hours ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

යුක්‍රේනයේ කියෙව් නගරයට සහ අනෙකුත් නගරවලට ප්‍රහාර එල්ල කිරීම සතියකට නතර කිරීමට රුසියානු ජනාධිපති ව්ලැද්මීර් පුටින් එකඟ වී ඇති බව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසා තිබේ.

ඒ අනුව පවතින දැඩි ශීත කාලය සැලකිල්ලට ගෙන සතියක කාලයක් ප්‍රහාර නතර කරන ලෙස තමා පුද්ගලිකවම ජනාධිපති පුටින්ගෙන් ඉල්ලා සිටි බවයි ධවල මන්දිරයේ පැවති කැබිනට් රැස්වීමකදී ට්‍රම්ප් ප්‍රකාශ කළේ.

මෙම ඉල්ලීමට පුටින් එකඟ වූ බවත්, එය ඉතා සාර්ථක සාකච්ඡාවක් වූ බවත් ට්‍රම්ප් වැඩිදුරටත් සඳහන් කළේය.

යුක්‍රේනයේ කියෙව් ඇතුළු බොහෝ ප්‍රදේශවල උෂ්ණත්වය සෙල්සියස් අංශක -30 දක්වා පහත වැටෙනු ඇතැයි පුරෝකථනය කර තිබේ.

මෙය එරට වැසියන්ට මෙන්ම බෝග වගාවන්ට ද දැඩි තර්ජනයක් වී තිබෙන බව සඳහන්.

රුසියානු ප්‍රහාර හමුවේ මේ වන විටත් යුක්‍රේනය විදුලිය නොමැතිව බලශක්ති හිඟයකට මුහුණ දී සිටියි.

යුක්‍රේන ජනාධිපති වොලොඩිමියර් සෙලෙන්ස්කි පවසා ඇත්තේ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ පැවති සාකච්ඡාවලින් පසු මෙම එකඟතාව ක්‍රියාත්මක වනු ඇතැයි තමන් බලාපොරොත්තු වන බවයි.

යුද්ධය අවසන් කිරීම සඳහා මෙවැනි පියවර වැදගත් බව ද ඔහු සඳහන් කළේය.

World News

Send your contact Details Today