Latest News

ඉරානයට පහරදීමට ට්‍රම්ප්ගෙන් අලුත් සැලැස්මක්

Published 8 hours ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

ඉරානයේ න්‍යෂ්ටික මධ්‍යස්ථාන සහ මිසයිල පද්ධතිවලට දැඩි හානි සිදු කිරීම හෝ එරට පාලනය දුර්වල කිරීමට ඇති හැකියාව පිළිබඳව මේ දිනවල දැඩි ලෙස සලකා බලමින් සිටින බව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසා තිබේ.

ඒ අනුව මීට සති කිහිපයකට පෙර තිබූ සැලසුම්වලට වඩා දරුණු ක්‍රියාමාර්ග මෙවර යෝජනා වී තිබෙන බවයි විදෙස් මාධ්‍ය වාර්තා පවසන්නේ.

මෙයට ඉරානය තුළට ඇතුළු වී සිදු කරන රහසිගත හමුදා වැටලීම් පවා ඇතුළත් විය හැකි බව සඳහන්.

ට්‍රම්ප්ගේ ඉල්ලීම් වන්නේ ඉරානය විසින් යුරේනියම් පිරිපහදු කිරීම සම්පූර්ණයෙන්ම නතර කළ යුතු බවයි.

ඒ බෝම්බ නිපදවිය හැකි මට්ටමට ආසන්න ලෙස පිරිපහදු කළ යුරේනියම් කිලෝග්‍රෑම් 435 කට වඩා වැඩි ප්‍රමාණයක් ඉරානය සතුව ඇති බවට වාර්තා පළවීම හේතුවෙන්.

එමෙන්ම හමාස්, හිස්බුල්ලා සහ හූති වැනි සන්නද්ධ කණ්ඩායම්වලට සහය දීම නතර කළ යුතු බවත් ජනාධිපති ට්‍රම්ප් දන්වා තිබෙනවා.

ඉරානයේ 86 හැවිරිදි උත්තරීතර නායක අයතුල්ලා අල් කමෙයිනි ඉලක්ක කර ප්‍රහාර එල්ල කිරීමේ හැකියාව ගැන ද සාකච්ඡා වී තිබෙන අතර ඉරානය තමන්ව ඝාතනය කිරීමට උත්සාහ කළ බවට ඇති චෝදනා ද ට්‍රම්ප්ගේ මෙම දැඩි තීරණයට හේතු වී ඇති බවයි වාර්තාවල දැක්වෙන්නේ.

කෙසේ වෙතත් අමෙරිකාව ප්‍රහාරයක් එල්ල කළහොත් එය යුද්ධයක් ලෙස සලකා ඊශ්‍රායලයේ ටෙල් අවිව් නගරයට ප්‍රහාර එල්ල කරන බවයි ඉරානය පවසන්නේ.

එනමුත් ට්‍රම්ප් තවමත් අවසාන තීරණයක් ගෙන නොමැති අතර, සාකච්ඡා මාර්ගයෙන් විසඳුමකට ඒමට ඉරානයට තවමත් අවස්ථාව ඇති බවයි අමෙරිකානු නිලධාරීන් පවසන්නේ.

World News

Send your contact Details Today