Latest News

අමෙරිකාවේ සිදු කල විශ්වකර්ම, ශල්‍යකර්මය

Published 10 hours ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

දරුණු ලෙස රෝගාතුර වූ පුද්ගලයෙකුගේ පෙනහළු දෙකම ඉවත් කර ඔහු පැය 48ක් ජීවත් කරවීමට හැකිවූ සාර්ථක පෙනහළු බද්ධ කිරීමේ ශෛල්‍යකර්මයක් (lung transplant) සම්බන්ධයෙන් තොරතුරක් අමෙරිකාවෙන් වාර්තා වෙයි.

ඒ බරපතළ ලෙස පෙනහළු ආසාදනයකින් පෙළුණු 33 න් හැවිරිදි පුද්ගලයෙකුගේ හෘදයත්, වකුගඩුත් දුර්වල වීම හේතුවෙන්.

ඒ අනුව නව පෙනහළු බද්ධයක් සිදුකිරීමට අමෙරිකාවේ Northwestern විශ්ව විද්‍යාලයේ වෛද්‍යවරුන් තීරණය කර තිබේ.

අදාළ ශෛල්‍යකර්මයේදී ආසාදිත පෙනහළු දෙකම ඉවත් කර ඇති අතර කෘතිම පෙනහළු පද්ධතියක් (artificial lung system) බද්ධ කර ඇති බවයි වාර්තා වන්නේ.

එම පද්ධතියෙන් ඔහුට ඔක්සිජන් ලබාදී, කාබන්ඩයොක්සයිඩ් ඉවත් කරමින් හෘදය සහ ශරීරයට රුධිර ප්‍රවාහය ස්ථාවරව තබාගත් බව සඳහන්.

මේ අකාරයට රෝගියා පෙනහළු නොමැතිව පැය 48ක් ඔහුව ජීවත්කර තබාගෙන ඇති බවයි වාර්තා වන්නේ.

පසුව සාර්ථකව පෙනහළු බද්ධ කිරීමකින් කර ඇති අතර මෙය වෛද්‍ය ඉතිහාසයේ විශේෂ ජයග්‍රහණයක් ලෙස සැලකෙයි.

World News

Send your contact Details Today