පෘථිවියට සමාන ලෙස ජීවය පැවතිය හැකි බවට සැක කරන නව ග්‍රහයකු හඳුනාගෙන තිබේ.
ඒ ඔස්ට්‍රේලියානු තාරකා විද්‍යාඥයින් කණ්ඩායමක් විසින්.
ඒ අනුව Southern Queensland විශ්ව විද්‍යාලයේ පර්යේෂක ආචාර්ය ඇලෙක්සැන්ඩර් වෙනර් විසින් මෙහෙයවූ ජාත්‍යන්තර කණ්ඩායමක් විසින් සොයාගනු ලැබූ මෙ නව ග්‍රහයා HD 137010 b ලෙස නම් කර තිබේ.
එම නව ග්‍රහයා ආලෝක වර්ෂ 150 දුරින් පිහිටා ඇති බවටයි සොයාගෙන ඇත්තේ.
NASA Kepler K2 මෙහෙයුමේ දත්ත භාවිතා කරමින් හඳුනාගත් එම ග්‍රහයා පෘථිවියට වඩා 6%ක් පමණ විශාල වන අතර උෂ්ණත්වය අඟහරු මෙන් -70°C ටත් අඩු විය හැකි බව සඳහන්.
අධ්‍යයනයෙන් සොයාගෙන ඇත්තේ ග්‍රහලෝකය මතුපිට ද්‍රව ජලය පැවතිය හැකි වාසයට සුදුසු කලාපයේ පිටත මායිම ආසන්නයේ මෙම ග්‍රහලෝකය පිහිටා ඇති බවයි.
Southern Queensland විශ්ව විද්‍යාලයේ තාරකා භෞතික විද්‍යාඥ ආචාර්ය Chelsea Huang, අධ්‍යයනයේ සම කර්තෘ සහ Venner’s PhD අධීක්ෂක කියාසිටියේ අද වන විට වාසයට සුදුසු ග්‍රහලෝක බොහොමයක් කුඩා අඳුරු තාරකා වටා පිහිටා ඇති බවයි.
නමුත් මෙම ග්‍රහලෝක ධාරක තාරකාවට ඉතා සමීප බැවින් ඒවා දිගු කාලයක් වැඩි විකිරණ (radiation) තත්වයක් අත්විඳින බැවිනි ඒවා තුළ ජීවයක් සිටීම අසීරු බව ඔහු පෙන්වාදෙයි.
කෙසේවෙතත් මෙම නව ග්‍රහලෝකයට වාසස්ථාන සඳහා වඩාත් හිතකර තත්වයන් ඇති වනු ඇතැයි කණ්ඩායම අපේක්ෂා කරන අතර මෙම ග්‍රහයා දීප්තිමත් සූර්යයා වැනි තාරකාවක් වටා සංක්‍රමණය කර පෘථිවියට සමාන ගුණාංග සහිත පළමු ග්‍රහලෝකය ලෙසයි සැලකෙන්නේ.
මෙම පර්යේෂණය Astrophysical Journal Letters හි ප්‍රකාශයට පත් කර තිබේ.