Latest News

ගාසා තීරයේ, බටහිර ඉවුරේ අවදානම් තත්ත්වයක්

Published 15 hours ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

ගාසා තීරයේ බටහිර ඉවුරේ ඉහළ යමින් පවතින ප්‍රචණ්ඩත්වය හේතුවෙන් පලස්තීනුවන් අතර සාම සැලසුම කෙරෙහි විශ්වාසය තහවුරු කළ යුතුව ඇති බව මැදපෙරදිග සාම ක්‍රියාවලියේ විශේෂ සම්බන්ධිකාරක රමීස් ඇලක්බාඩොව් ප්‍රකාශ කර තිබේ.

ඒ අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ කරුණු 20කින් සමන්විත ගාසා සාම සැලසුමේ දෙවැනි අදියර යටතේ ගාසා තීරයේ පරිපාලනය සඳහා විධායක කමිටුවක් සහ ඉහළ නියෝජිත කමිටුවක් පත් කිරිම සටන් විරාමය තහවුරු කිරීමේ තීරණාත්මක පියවරක් ක්‍රියාත්මක කරමින් සිටින අවස්ථාවකයි.

කෙසේවෙතත් බටහිර ඉවුර වැනි පළාත්වල තවදුරටත් ප්‍රචණ්ඩත්වය උත්සන්න වීමේ අවදානමක් මතු වී තිබෙන බව මැදපෙරදිග සාම ක්‍රියාවලියේ විශේෂ සම්බන්ධිකාරක රමීස් ඇලක්බාඩොව් එක්සත් ජාතීන්ගේ ආරක්ෂක කවුන්සිලයේදී ප්‍රකාශ කළ බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

එහි ආරක්ෂක කවුන්සිලය රැස්වූ අවස්ථාවේදී මැදපෙරදිග විශේෂ සම්බන්ධිකරණ නියෝජිතයා වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ එම අවදානම සැලකිය යුතු මට්ටමක පවතින බවය.

World News

Send your contact Details Today