Tesla සමාගම විසින් කෘතිම බුද්ධිය (AI) සහ රොබෝ විද්‍යාව කෙරෙහි අවධානය යොමු කිරීමත් සමඟ එහි වාර්ෂික ආදායම පළමු වරට පහත වැටී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා පවසයි.
ඒ අනුව කෝටිපති එලොන් මස්ක් විසින් පවත්වාගෙන යනු ලබන සමාගම, 2025 දී මුළු ආදායමෙන් 3% ක පහත වැටීමක් වාර්තා කළ අතර, වසරේ අවසාන මාස තුන තුළ ලාභය 61% කින් පහත වැටුණි.
මේ අතර ටෙස්ලා සිය මොඩල් එස් සහ මොඩල් එක්ස් වාහන නිෂ්පාදනය අවසන් කිරීමට සැලසුම් කරන බව ද නිවේදනය කළේය.
ඔප්ටිමස් ලෙස හැඳින්වෙන එහි හියුමනොයිඩ් රොබෝවරුන් නිෂ්පාදනය කිරීම සඳහා එම මෝටර් රථ නිපදවූ කැලිෆෝනියාවේ නිෂ්පාදන කම්හල දැන් භාවිතා කරනු ඇත.
ජනවාරි මාසයේදී, චීනයේ BYD ලොව විශාලතම EV නිෂ්පාදකයා ලෙස ටෙස්ලා අභිබවා ගියේය.