Latest News

චීනයේ එකම පවුලේ සාමාජිකයින් 11 දෙනෙකුට මරණ දඬුවම්

Published 1 day ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

එකම පවුලේ සාමාජිකයින් 11 දෙනෙකුට චීනය විසින් මරණ දඬුවම නියම කර තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ඒ වංචා සහ දූෂණ සහිත නීති විරෝධී කඳවුරු පවත්වාගෙන යාමේ වරදටයි.

මිං පවුල ලෙස කුප්‍රකට මෙම චීන ජාතිකයින පිරිස විසින් මියන්මාරයේ ලාක්කායිං නගරයේ දූෂිත ක්‍රියාකාරම් සහිත කඳවුරු පවත්වාගෙන ගොස් ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

ලාක්කායිං නගරය චීන දේශ සීමාවට ආසන්නව පිහිටා ඇති නගරයක් වන අතර එය මිං පවුලේ පරම්පරා කිහිපයක බලයට යටත්ව පාලනය වූ ප්‍රදේශයක්.

මෙම පිරිස විසින් කැසිනෝ, ස්ත්‍රී වෙළෙඳාම, පුද්ගල පැහැර ගැනීම්, මුල්‍ය වංචා සහ මත්ද්‍රව්‍ය ජාවාරම් වැනි දූෂිත ක්‍රියා රැසක් සිදුකර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

2023 දී මියන්මාර බලධාරීන් විසින් මෙම පිරිස අත්අඩංගුවට ගෙන චීනයට භාර දී තිබුණි.

World News

Send your contact Details Today