එක්සත් ජනපද ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රබල පිතිකරු ඇරන් ජෝන්ස්ට (Aaron Jones) ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය (ICC) විසින් වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලික ක්‍රිකට් තහනමක් පනවා තිබේ.
ඒ ඔහුට එරෙහිව බටහිර ඉන්දීය කොදෙව් ක්‍රිකට් මණ්ඩලයේ (CWI) සහ ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ දූෂණ විරෝධී නීති සංග්‍රහයන් උල්ලංඝනය කිරීමේ චෝදනා 5ක් එල්ල වී තිබීම හේතුවෙන් බවයි ICC නිවේදනය කළේ.
2023-24 වසරේ බාබඩෝස් හි පැවති ‘Bim10’ තරගාවලියේදී තරග පාවාදීමට උත්සාහ කිරීම හෝ තරග ප්‍රතිඵලයට අනිසි ලෙස බලපෑම් කිරීම, දූෂිත ක්‍රියාවන් සඳහා තමන් වෙත පැමිණි යෝජනා බලධාරීන්ට වාර්තා කිරීමට අපොහොසත් වීම, දූෂණ විරෝධී ඒකකයේ (ACU) නිලධාරීන්ට සහයෝගය නොදැක්වීම සහ සාක්ෂි වසන් කරමින් විමර්ශන කටයුතුවලට බාධා කිරීම යන චෝදනායි ඔහුට එල්ල වී ඇත්තේ.
ඇරන් ජෝන්ස්ට මෙම චෝදනාවලට පිළිතුරු දීම සඳහා ජනවාරි 28 සිට දින 14ක කාලයක් ලබා දී තිබේ.
ලෝක කුසලාන විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලිය සඳහා සූදානම් වීම සඳහා ඔහු මේ වනවිට කොළඹට පැමිණ සිටියි.