වයඹදිග පාකිස්තානයේ පිහිටි ටිරා ප්‍රදේශයේ ජනතාවට වහාම ඉවත්වන ලෙසට එරට හමුදාව විසින් දැනුම් දී තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
ඒ ඇෆ්ගනිස්තානයේ සහය ලැබෙන බව කියන ටෙහ්රිකි තලේබාන් පාකිස්තාන සංවිධානයේ සටන්කාමින්ට එරෙහිව දැවැන්ත හමුදා මෙහෙයුමක් සිදු කිරීමේ අරමුණින්.
ඒ අනුව එම ප්‍රදේශය කේන්ද්‍ර කරමින් ටෙහ්රීකි තලේබාන් සංවිධානය ක්‍රියාත්මක කරන ප්‍රචණ්ඩ ක්‍රියා සහ රජයේ හමුදාවට එරෙහි ප්රහාරයන් මැඬ පැවැත්වීම එම මෙහෙයුමේ අරමුණ බව ද වාර්තා වේ.
ඇෆ්ගනිස්තාන දේශසීමාව ආසන්නයේ පිහිටි ටිරා ප්‍රදේශයේ එක්ලක්ෂ පනස්දහසක පමණ ජනතාව පදිංචිව සිටින අතර, පාකිස්තාන හමුදාව කළ දැනුම් දීමකට අනුව ඔවුන් මේ වනවිට කයිබර් පක්ටුන්ක්වා ප්‍රාන්තයේ අගනුවර වන පෙෂාවර් නගරය දක්වා පලා යමින් සිටින බවට තොරතුරු ලැබී තිබෙන බවයි විදෙස් මාධ්‍ය වාර්තා පැවසුවේ.
පාකිස්තානයේ නගර රැසක පසුගිය මාස කිහිපය තුළ බෝම්බ පිපිරීම් ඇතුළු ත්‍රස්ත ක්‍රියා සිදු කළ ටෙහ්රිකි තලේබාන් පාකිස්තාන සංවිධානයේ බළකොටුවක් ලෙස ටිරා නගරය සැලකෙන බවද වාර්තා වේ.