බ්‍රිතාන්‍ය ජාතිකයන් දෙදෙනෙකු උතුරු ප්‍රංශයේ රඳවාගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
ඒ තහනම් කරන ලද අන්ත දක්ෂිණාංශික විරෝධතාවයකට සම්බන්ධ වීමට සැලසුම් කිරීම සම්බන්ධයෙන් සැකපිටයි.
සමාජ මාධ්‍ය හරහා සජීවී වීඩියෝ විකාශනය කිරීමෙන් පසු වයස අවුරුදු 35 සහ 50 යන පුද්ගලයින් දෙදෙනා අත්අඩංගුවට ගත් බව නීතිඥ සිසිල් ග්‍රෙසියර් BBC වෙත පවසා තිබේ.
“වෛරය ඇති කිරීමට පෙළඹවීම” සහ “ප්‍රචණ්ඩ ක්‍රියා සූදානම් කිරීමේ අරමුණින් කණ්ඩායමකට සහභාගී වීම” සම්බන්ධයෙන් ඔවුන් රඳවාගෙන ඇති බව ඇය තවදුරටත් පැවසුවාය.
සති අන්තයේ සැලසුම් කර ඇති සංක්‍රමණ විරෝධී පෙළපාලිවලට සහභාගී වීම සඳහා එක්සත් රාජධානියේ සිට පැමිණෙන ඕනෑම අයෙකු වහාම පිටුවහල් කරන බව ප්‍රංශ බලධාරීන් පසුගිය සතියේ ප්‍රකාශ කිරීමෙන් පසුව එය සිදු විය.
“ඔපරේෂන් ඕවර්ලෝඩ්” ලෙස හැඳින්වෙන පෙළපාළිය ප්‍රංශ බලධාරීන් විසින් තහනම් කරන ලදී.
එමෙන්ම මෙම මස මුලදී, ප්‍රංශ අභ්‍යන්තර කටයුතු අමාත්‍යාංශය පැවසුවේ, “මහජන සාමයට බරපතල බාධා” ඇති කළ හැකි ක්‍රියාවන්හි නිරත වූ බ්‍රිතාන්‍ය “අන්ත දක්ෂිණාංශික ක්‍රියාකාරීන්” දස දෙනෙකු ප්‍රංශයෙන් තහනම් කළ බවයි.