Latest News

පාකිස්තානය, ට්‍රම්ප්ට කැමැත්ත දෙයි

Published 3 days ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

අමෙ­රි­කානු ජනා­ධි­පති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ නාය­ක­ත්ව­යෙන් යුතු ගාසා සාම මණ්ඩ­ල­යට පාකි­ස්තා­නය එක්වූ බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

පසු­ගි­යදා ස්විට්ස­ර්ල­න්තයේ ඩාවෝස් නුවර පැවති ලෝක ආර්ථක සමු­ළු­වට සමා­ග­මීව ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් ගාසා සාම මණ්ඩ­ලය ප්‍රකා­ශ­යට පත් කල අතර, ඒ අනුව පාකි­ස්තාන අග­මැති ශෙබාස් ෂරීෆ් එම ප්‍රඥ­ප්ති­යට අත්සන් තබ­මින් පාකි­ස්තා­නයේ එක්වීම සහ­තික කළ බව සඳහන්.

පාකි­ස්තා­නය සමඟ ආජෙ­න්ටි­නාව, බහ­රේ­නය, හංගේ­රි­යාව, ඉන්දු­නී­සි­යාව, ජෝර්දා­නය, කටාර්, සෞදි අරා­බිය සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යය ඇතුළු රටවල් 19ක් ගාසා සාම මණ්ඩ­ල­යට එක්වී සිටියි.

එසේ වුවත් ට්‍රම්ප්ගේ ගාසා සාම මණ්ඩ­ලය පල­ස්තී­නයේ ස්වයං පාල­නය සහ එක්සත් ජාතීන්ගේ සංවි­ධා­නයේ භූමි­කාව දුර්වල කිරී­මට හේතු­වනු ඇතැයි කියමින් ඊට පාකි­ස්තා­නය එක්වීම එරට විප­ක්ෂයේ මෙන්ම හිටපු රාජ්‍ය­තා­න්ත්‍රි­ක­යන්ගේ දැඩි විවේ­ච­න­යට ලක්වී ඇතැයි ද වාර්තා වේ.

ගාසා සාම මණ්ඩ­ලය මඟින් එම කලා­පයේ පාල­නය, ආර­ක්ෂාව සහ ප්‍රති­සං­ස්ක­ර­ණය බාහිර පාර්ශ්ව අතට පත් කර ඇතැයි චෝදනා එල්ල වී ඇති අතර, පලස්තීනුවන්ගේ ස්වයං අයි­ති­යට තර්ජ­න­යක් බව ද ප්‍රකාශ කර තිබේ.

World News

Send your contact Details Today