Latest News

එක්සත් ජනපදයේ පීඩනය ගැන වෙනිසියුලාවේ වැඩබලන ජනාධිපති ප්‍රථමවරට කට අරියි

Published 4 days ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

එක්සත් ජනපදය විසින් වෙනිසියුලාවේ හිටපු නායක නිකොලස් මධුරෝ අල්ලා ගැනීමෙන් පසු රට එක්සත් කිරීමට කටයුතු කරන බැවින්, වොෂින්ටනයේ නියෝග කිහිපයක් තමන්ට ක්‍රියාත්මක කිරීමට සිදුව තිබෙන බව වෙනිසියුලාවේ වැඩබලන ජනාධිපති ඩෙල්සි රොඩ්‍රිගස් පවසා තිබේ.

ඒ අතර වෙනිසියුලාව තුල තෙල් නිෂ්පාදනය නැවත ආරම්භ කරන ලෙස කරන ඉල්ලීම් මාලාවක් ඇතුළුව අඛණ්ඩ පීඩනය මධ්‍යයේ ඇය කටයුතු කරමින්
සිටින බවයි සඳහන් කර ඇත්තේ.

ඇය විසින් පුවර්ටෝ ලා කෲස් නගරයේ තෙල් සේවකයින් පිරිසකට රාජ්‍ය නාලිකාවක් වන වෙනිසොලානා ඩි ටෙලිවිෂන් විසින් විකාශනය කරන ලද උත්සවයකදී මේ බව සඳහන් කර තිබුණි.

රට මෙහෙයවීම සඳහා එක්සත් ජනපදය විසින් සහාය ලබා දීමෙන් පසු ඇය විසින් ධවල මන්දිරය සතුටින් තැබීමට උත්සාහ කරන අතරම මධුරෝ පක්ෂපාතී පුද්ගලයින් ද තුලනය කිරීමට කටයුතු කරමින් සිටින බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

දැන්, ඇගේ නව භූමිකාවට මාසයකට ආසන්න කාලයක් ගතවී ඇත.

World News

Send your contact Details Today