Latest News

මෙක්සිකෝවේ පාපන්දු තරගයක් අතරතුර සන්නද්ධ ප්‍රහාරයක් – 11 දෙනෙකු ඝාතනයට ලක්වෙයි

Published 4 days ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

මෙක්සිකානු නගරයක් වන සලමන්කා හි පැවති තරඟයකින් පසු පාපන්දු ක්‍රීඩා පිටියක සන්නද්ධ ප්‍රහාරකයින් පිරිසක් පුද්ගලයින් 11 දෙනෙකු ඝාතනය කර 12 දෙනෙකු තුවාල ලබා ඇති බව එහි නගරාධිපති සීසර් ප්‍රීටෝ Facebook සටහනක් හරහා ප්‍රකාශ කර තිබේ.

“කනගාටුදායක සහ බියගුලු” ප්‍රහාරයෙන් පසුව තුවාල ලැබූවන් අතර කාන්තාවක් සහ දරුවෙකු ද සිටි බවයි ප්‍රීටෝ තවදුරටත් පැවසුවේ.

මෙම සිද්ධිය දැඩි සමාජ බිඳවැටීමක් ලෙසත්,”මෙම සිදුවීම අප ප්‍රාන්තයේ, විශේෂයෙන් සලමන්කා හි කණගාටුදායක ලෙස අත්විඳින ප්‍රචණ්ඩත්වයේ රැල්ලකට එක් කරයි,” ලෙස ඔහු තවදුරටත් පැවසීය.

අදාළ ප්‍රහාරය සම්බන්ධයෙන් පරීක්ෂණයක් ආරම්භ කර ඇති බව සලමන්කා පිහිටා ඇති ගුවානජුවාටෝ ප්‍රාන්තයේ නීතිපති කාර්යාලය පැවසීය.

ප්‍රදේශයේ ආරක්ෂාව ශක්තිමත් කිරීම, එහි ජනතාව ආරක්ෂා කිරීම සහ අපරාධකරුවන් සොයා ගැනීම සඳහා කාර්යාලය නාගරික, ප්‍රාන්ත සහ ෆෙඩරල් බලධාරීන් සමඟ උත්සාහයන් සම්බන්ධීකරණය කරමින් සිටි බව නිවේදනයක දැක්වේ.

ගුවානජුවාටෝ යනු මෙක්සිකෝවේ භයානකම රාජ්‍යයන්ගෙන් එකකි.

World News

Send your contact Details Today