අමෙරිකාවේ නිවාස මිලියනයකට අධික සංඛ්‍යාවකට විදුලිය විසන්ධිවීම් සහ ගුවන් ගමන් දස දහසකට අධික සංඛ්‍යාවක් අවලංගු වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
ඒ එරට නැගෙනහිර සහ දකුණු ප්‍රාන්තවල ඇති වූ දැඩි හිම කුණාටු හේතුවෙන්.
කලාපයේ මේ දක්වා හිම පතනය: කනෙක්ටිකට් හි බ්‍රිජ්පෝර්ට් හි අඟල් 13; නිව් ජර්සි හි රිජ්ෆීල්ඩ් හි අඟල් 12; නිව් යෝර්ක් නගරයේ බ්‍රොන්ක්ස් හි අඟල් 11; සහ බටහිර පෙන්සිල්වේනියාවේ මිඩ්ලන්ඩ් හි අඟල් 15 දක්වා ළඟා වී තිබේ.
එමෙන්ම දැනට එහි උෂ්ණත්වය 3°F හෝ -16°C ලෙස සටහන් වන බවයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කර ඇත්තේ.