ඉතිහාසයේ පළමු වරට, ලෝක වෙළෙඳපොළේ රන් මිල අමෙරිකානු ඩොලර් 5,000 සීමාව ඉක්මවා ගොස් තිබේ.
ඒ අනුව රන් අවුන්සයක මිල අමෙරිකානු ඩොලර් 5,024 ද ඉක්මවා මේ වන විට වාර්තා වන බවයි විදෙස් මාධ්‍ය වාර්තා පැවසුවේ.
මේ අතර එය මෙම වසර අග වන විට ඩොලර් 5,500ද ඉක්මවා යනු ඇති බවයි විශේෂඥයින් මත පළ කරන්නේ.
එමෙන්ම මීට සමගාමීව අනෙකුත් ලෝහ වර්ගද මිල ඉහළ ගොස් ඇති අතර ඒ අනුව රිදී අවුන්සයක මිල අමෙරිකානු ඩොලර් 100 ඉක්මවා ගොස් තිබේ.