Latest News

හොරෙන් යන්න ගිය කුරුල්ලෝ 7,000ක් ඉන්දුනීසියාවේදී අල්ලයි

Published 7 days ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

නීති විරෝධී ලෙස ප්‍රවාහනය කළ පක්ෂීන් දහස් ගණනක් ඉන්දුනීසියානු ආරක්ෂක අංශ භාරයට ගෙන තිබේ.

ඒ එරට සිදුකළ ජෛව ආරක්ෂණ මෙහෙයුමකින්.

නිරෝධායන බලපත්‍ර නොමැතිව නැව් ගත කරමින් සිටි පක්ෂීන් 7,355 දෙනෙකු ඒකාබද්ධ කාර්ය සාධක බලකායක් විසින් බාලි හිදී සිය භාරයට ගැණුණි.

කුරුළු රෝග පැතිරීම වැළැක්වීම හා දේශීය පරිසර පද්ධති ආරක්ෂා කිරීම සදහා ගත් පියවරක් ලෙසයි මෙය හැදින්වෙන්නේ.

ජාතික නිරෝධායන ඒජන්සිය, ඉන්දුනීසියානු නාවික හමුදාව ස්වභාවික සම්පත් සංරක්ෂණ නිලධාරීන් හා වරාය පොලීසිය ඇතුළුව ඒකාබද්ධ කාර්ය සාධක බලකායක් විසිනුයි මෙම වැටලීම සිදුකර ඇත.

World News

Send your contact Details Today