Latest News

ලංකාවේ පරිසර දුෂණය මකන්න චීනෙන් බස් 100ක්

Published 8 days ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

විදුලි බලයෙන් ක්‍රියාත්මක වන නවීන සුඛෝපභෝගී බස් රථ 100ක් චීනය විසින් ඉක්මනින්ම ශ්‍රී ලංකාවට ලබා දෙන බව ශ්‍රී ලංකාවේ චීන තානාපති චී ෂෙන්හොං මහතා පවසයි.

ඉන්ධන භාවිතය නිසා සිදුවන සැලකිය යුතු පරිසර දූෂණය අවම කිරීමේ අරමුණින් මෙම තීරණය ගත් බවයි ඔහු පැහැදිලි කළේ.

සැපයීමට සැලසුම් කර ඇති එක් බස් රථයක මිල ආසන්න වශයෙන් ඇමරිකානු ඩොලර් 225,000 ක් බව තානාපතිවරයා තවදුරටත් සඳහන් කළේය.

තානාපති චී ෂෙන්හොං මහතා ඊයේ (22) මල්වතු පාර්ශවයේ මහනායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සුමංගල නාහිමියන් සහ අස්ගිරි පාර්ශවයේ මහනායක අතිපූජ්‍ය වරකාගොඩ ශ්‍රී ඥානරතන නාහිමියන් සමඟ පැවති සාකච්ඡාවලදී මෙම අදහස් පළ කළේය.

World News

Send your contact Details Today