Latest News

රුසියා – යුක්‍රේන සාමය අබුඩාබියට

Published 8 days ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

රුසියානු – යුක්‍රේන යුද්ධය අවසන් කිරීමේ අරමුණින්, ඉතිහාසයේ ප්‍රථම වතාවට අදාළ පාර්ශවයන් එකම සාකච්ඡා මේසයකට ගෙන ඒමට අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ පරිපාලනය සමත්ව තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ඒ අනුව, අද (23) එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ අබුඩාබි අගනුවරදී මෙම ඓතිහාසික සාකච්ඡා ආරම්භ වීමට නියමිතයි.

ස්විට්සර්ලන්තයේ දාවෝස්හි පැවති ලෝක ආර්ථික සමුළුව අතරතුර යුක්‍රේන ජනාධිපති වොලොඩිමියර් සෙලෙන්ස්කි සහ අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අතර පැවති සාකච්ඡාවෙන් අනතුරුව මෙම තීරණය ගෙන තිබේ.

අමෙරිකානු නියෝජිතයින් වන ස්ටීව් විට්කොෆ් සහ ජැරඩ් කුෂ්නර් ඊයේ රාත්‍රියේ රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් හමුවී දීර්ඝ සාකච්ඡාවක නිරතව තිබේ.

එමෙන්ම අමෙරිකානු සාම නියෝජිත ස්ටීව් විට්කොෆ් (Steve Witkoff) සඳහන් කරන්නේ දෙපාර්ශවය අතර පවතින ගැටලුවලින් බොහොමයක් මේ වන විට විසඳා ඇති බවයි.

ඒ අනුව මොස්කව් සාකච්ඡාවලින් අනතුරුව අමෙරිකානු නියෝජිතයින් අබුඩාබි වෙත පැමිණි අතර, එහිදී යුක්‍රේන සහ රුසියානු හමුදා ප්‍රධානීන් අතර ‘හමුදාමය මට්ටමේ’ (Military-to-military) සාකච්ඡා පැවැත්වීමට නියමිතයි.

World News

Send your contact Details Today