Latest News

මඩේ ගැසූ ටී56 ක් සොයාගනී

Published 8 days ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

ඉතා සුක්ෂම ලෙස වගුරුබිමක සඟවා තිබියදී T56 ගිණි අවියක් පොලිස් විශේෂ කාර්ය බලකා නිලධාරීන්ගේ අත්අඩංගුවට ගෙන තිබේ.

විශේෂ කාර්ය බලකාය අණදෙන නිලධාරී නියෝජ්‍ය පොලිස්පති සමන්ත ද සිල්වා මහතාගේ නියෝග හා උපදෙස් පරිදි විශේෂ කාර්ය බලකාය අම්පාර කලාපය භාර පොලිස් අධිකාරි ආර්.පී.කේ.ඩී. රත්නවීර මහතාගේ අධීක්ෂණයෙන් කල්ලඩි කඳවුරේ අණදෙන නිලධාරි පොලිස් පරික්ෂක එච්.පී.කේ.ආර්. ගුණතිලක ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් විසින් 2026.01.22 වන දින කරදියනාරු පොලිස් වසමේ කොඩුවාමඩු පාලම අසල කැලෑබද ප්‍රදේශයේ දී වැටලීමක් සිදුකර ඇත.

එහි දී ඉතා සූක්ෂම ලෙස වගුරුබිමක සඟවා තිබූ T56 ගිණි අවියක් හා T56 ගිණි අවියට යෙදිය හැකි බෝල්ට් කොටසක් සැකකරුවෙකු නොමැතිව අත්අඩංගුවට ගෙන වැඩිදුර විමර්ශන කටයුතු සඳහා කරදියනාරු පොලිස් ස්ථානය වෙත භාර දී ඇත.

World News

Send your contact Details Today