චීනය විසින් 6G තක්ෂණික අත්හදා බැලීම්හී දෙවන අදියර ආරම්භ කර තිබේ.
ඒ පළමු අදියරේ අත්හදාබැලීම් සම්පූර්ණ කිරීමෙන් අනතුරුවයි.
ඉන් ප්‍රධාන 6G තාක්ෂණයන් 300 කට අධික සංඛ්‍යාවක සංචිතයක් අත්කර ගෙන ඇති බව චීන කර්මාන්ත හා තොරතුරු තාක්ෂණ අමාත්‍යාංශයේ නිලධාරියෙක් පැවසීය.
මේ වන විට චීනය ලොව විශාලතම තොරතුරු තාක්ෂණ යටිතල පහසුකම් පද්ධතිය ස්ථාපිත කර තිබේ.
5G පාදක මධ්‍යස්ථාන සංඛ්‍යාව මිලියන 4.8 ඉක්මවා ගොස් ඇති අතර එම තාක්ෂණය භාවිත කරන්නන්ගේ සංඛ්‍යාව ද බිලියන 1.2 ඉක්මවා ඇතැයි චීන කර්මාන්ත හා තොරතුරු තාක්ෂණ අමාත්‍යාංශයේ ප්‍රකාශක Xie Cun මාධ්‍ය හමුවකදී සඳහන් කළේය.