Latest News

නවසීලන්තයේ සංචාරක කලාපයක සිදු වූ දරුණු නායයෑම

Published 9 days ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

නවසීලන්තයේ උතුරු දූපතේ පිහිටි ජනප්‍රිය සංචාරක නිකේතනයක් වන Mount Maunganui ප්‍රදේශයේ සිදුවූ දරුණු නායයෑමකින් පුද්ගලයින් පිරිසක් අතුරුදහන් වී ඇති බව වාර්තා වෙයි.

පසුගිය දින කිහිපය පුරා ඇද හැලුණු අධික වර්ෂාවත් සමඟ අක්‍රීය ගිනිකන්දක් පාමුල පිහිටි කඳවුරු බිමකට (Campsite) මෙම නායයෑමෙන් හානි සිදුවී තිබේ.

නායයෑමට හසුවූ සුන්බුන් සහ මඩ තට්ටු අතරින් මිනිස් කටහඬවල් ඇසෙන බවයි සහන සේවා කණ්ඩායම් පවසා ඇත්තේ.

අතුරුදහන් වූවන් අතර කුඩා දැරියක් ද සිටින බව ආපදා කළමනාකරණ අමාත්‍ය මාර්ක් මිට්චෙල් තහවුරු කර තිබේ.

පොලිස් සහකාර කොමසාරිස් ටිම් ඇන්ඩර්සන් පවසන්නේ භූමිය තවදුරටත් අස්ථාවර මට්ටමක පවතින බැවින් සහන මෙහෙයුම් දැඩි අවදානම් සහගත වී ඇති බවයි.

මේ අතර අසල පිහිටි පාපමෝවා (Papamoa) ප්‍රදේශයේ සිදුවූ තවත් නායයෑමකින් පුද්ගලයෙකු බරපතල තුවාල ලබා ඇති අතර තවත් දෙදෙනෙකු අතුරුදහන් වී තිබේ.

අධික වර්ෂාව සහ තද සුළඟ හේතුවෙන් නවසීලන්තයේ උතුරු දූපතේ නිවාස 8,000කට අධික සංඛ්‍යාවකට තවමත් විදුලිය විසන්ධි වී ඇති බවයි වාර්තා වන්නේ.

Waikato, Bay of Plenty සහ Tairāwhiti ප්‍රදේශවලට ගංවතුරින් දැඩි බලපෑම් එල්ල වී ඇති අතර සහන සේවා කටයුතු තවදුරටත් ක්‍රියාත්මකයි.

World News

Send your contact Details Today