Latest News

මැක්රොන්ගේ අවු කණ්නාඩි දෙක, ට්‍රම්ප්ට විහිළුවක් වෙයි

Published 9 days ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

2026 ලෝක ආර්ථික සංසදය, ස්විට්සර්ලන්තයේ ඩාවෝස් නුවර පැවැත්වෙයි.

ඒ සඳහා රටවල් 130 කට වැඩි ගණනක රාජ්‍ය නායකයෝ ඊට එක්ව සිටිති.

ප්‍රංශ ජනාධිපති ඉමැනුවෙල් මැක්රොන් මෙන්ම අමෙරිකන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ද ඒ අතරේ වෙති.

ප්‍රංශ ජනාධිපති මැක්රොන් මේ දිනවල නිතරම සිටින්නේ අවු කණ්ණාඩි පැළඳගෙනය.

ඒ අනුව ඔහු ඩාවෝස් ආර්ථික සමුළුව ඇමතුවේ ද අවු කණ්ණාඩි පැළඳගෙනය.

ඒ, ඇසක රුධිර නාලයක් පිපිරීම නිසා ඇති වූ තත්ත්වයෙන් ඇස ආරක්ෂා කර ගැනීම සඳහා යැයි ප්‍රංශ ජනාධිපති නාර්යාලය පැහැදිලි කර ඇත.

කෙසේ නමුත්, මැක්රෝන්ගේ මෙම අවු කණ්ණාඩි පැළඳ සිටීම අමෙරිකන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ සමච්චලයට හේතුවක් වී ඇත.

ඊට හේතුව වී ඇත්තේ ග්‍රීන්ලන්තය සම්බන්ධයෙන් ප්‍රංශය ඇතුළු යුරෝපා රටවල නායකයන් සහ ට්‍රම්ප් අතරේ පවතින මත ගැටුම නිසා බවයි විදෙස් මාධ්‍ය පවසන්නේ.

World News

Send your contact Details Today