අමෙරිකා එක්සත් ජනපදය බලා සංචාරය කරන ශ්‍රී ලාංකිකයන් සඳහා එරට වීසා නීති සම්බන්ධයෙන් විශේෂ නිවේදනයක් සිදු කර තිබේ.
ඒ කොළඹ පිහිටි අමෙරිකානු තානාපති කාර්යාලය විසින්.
ඒ අනුව විශේෂයෙන්ම B1 සහ B2 (Visitor Visa) වීසා කාණ්ඩ යටතේ අමෙරිකාවට ඇතුළු වන පුද්ගලයන් එහිදී රැකියාවල නිරත වීම සම්බන්ධයෙන් දැඩි අනතුරු ඇඟවීමක් සිදු කර තිබේ.
මෙම වීසා කාණ්ඩය යටතේ ව්‍යාපාරික කටයුතු කිහිපයකට පමණක් අවසර ලැබෙන නමුත් ‘සේවය කිරීම’ සඳහා අවසර නොමැති බවයි අදාළ නිවේදනයේ දැක්වෙන්නේ.
ඒ අනුව, ව්‍යාපාරික සාකච්ඡා පැවැත්වීම, ගිවිසුම් සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම, වෘත්තීය සමුළුවලට සහභාගී වීම සහ සංචාරක කටයුතුවලට අවසර ලැබෙන නමුත්, අමෙරිකාව තුළ කිසිදු ආකාරයක වැටුප් සහිත හෝ රහිත රැකියාවක නිරත වීමට අවසර නොමැත.
යම් හෙයකින් සංචාරක වීසා මගින් ඇතුළු වී අනවසරයෙන් රැකියාවල නිරත වුවහොත් ගත හැකි දැඩි ක්‍රියාමාර්ග පිළිබඳව ද තානාපති කාර්යාලය දැනුම් දී තිබේ.
එසේ සිදුකළ අදාළ පුද්ගලයින් වහාම ක්‍රියාත්මක වන පරිදි අමෙරිකාවෙන් පිටුවහල් කිරීමට පියවර ගන්නා බවට සඳහන්.