Latest News

ඉරානය, ලෝක සිතියමෙන් අතුගා දමන බවට ට්‍රම්ප්ගෙන් තර්ජනයක්

Published 9 days ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

ඉරානය තමන් ඝාතනය කිරීමට කිරීමට උත්සාහ කළහොත් ඉරානය ලෝක සිතියමෙන් අතුගා දමන බවත් තමන් ඒ සඳහා උපදෙස් ලබාදී තිබෙන බවත් අමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් නිවුස් නේෂන් පුවත් සේවය සමඟ සම්මුඛ සාකච්ඡාවකට එක් වෙමින් ප්‍රකාශ කර තිබේ.

දෙවැනි වරට ඇමෙරිකා ජනාධිපතිවරයා ලෙස පත්ව වසරක් පිරීම නිමිත්තෙන් ජනපති ට්‍රම්ප් මෙම සම්මුඛ සාකච්ඡාවට එකතු වී ඇති අතර එහිදී ඔහු චෝදනා කර ඇත්තේ තමන්ව ඝාතනය කිරීමට ඉරානයට අදහසක් ඇති බවයි.

කෙසේ හෝ තමන්ව ඝාතනය කිරීමට ඉරානය උත්සාහයක් ගතහොත් තෝරාගත් ඉලක්කවලට පමණක් නොව මුළු ඉරානයටම අමෙරිකාව පහර දෙනු ඇතැයි ජනපති ට්‍රම්ප් ප්‍රකාශ කළේය.

මැද පෙරදිග කලාපයේ රටවල බලකිරීම් මධ්‍යයේ ඉරානයට පහර දීමේ අදහස අමෙරිකා ජනපති ට්‍රම්ප් පසුගිය සතියේ වෙනස් කර ගත්තත් තවමත් තීරණාත්මක හමුදා මෙහෙයුමක් සඳහා සිය සහායකයින්ට බල කරමින් සිටින බව ආරංචි මාර්ග උපුටා දක්වමින් වෝල් ස්ට්‍රීට් ජර්නල් පුවත්පත පසුගියදා වාර්තා කළේය.

මැද පෙරදිග වර්ධනය වෙමින් පවතින තත්වය හමුවේ අමෙරිකානු එෆ්15 ඊ ගුවන් යානා ජෝර්දානයට පැමිණ ඇති බවත් යු.එස්.එස් ඒබ්‍රහම් ලින්කන් ගුවන් යානා ප්‍රවාහන නෞකාවද කලාපය දෙසට යාත්‍රා කරමින් තිබෙන බවත් එම පුවත්පත සඳහන් කළේය.

අමෙරිකාවට අයත් ගුවනේදී ගුවන් යානාවලට ඉන්ධන සපයන නෞකාවක්ද මැද පෙරදිග කලාපයට පැමිණ තිබෙන බව එම වාර්තාව පෙන්වා දුන්නේය.

වෝල් ස්ට්‍රීට් ජර්නල් පුවත්පතේ එම වාර්තාව පළවීමත් සමග ඉරාන විදේශ කටයුතු අමාත්‍ය අබ්බාස් අරග්චි නැවත වරක් ඇමෙරිකාව තර්ජනය කරමින් ප්‍රකාශ කර තිබුණේ ඉරානයට ප්‍රහාරයක් එල්ල වුවහොත් ඉරානය සතු සියලු අවිවලින් අමෙරිකානු හමුදාවට පහර දෙන බවයි.

World News

Send your contact Details Today