Latest News

ඉන්දියාවේ විදේශ සංචිතවල වාර්තාගත ඉහළ යාමක්

Published 9 days ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

ඉන්දි­යාවේ විදේශ විනි­මය සංචි­තය වාර්තා­ගත අයු­රින් ඉහළ ගොස් තිබෙන බව එරට මාධ්‍ය වාර්තා පවසයි.

ඒ අමෙ­රි­කානු ඩොලර් බිලි­යන 687.2ක් දක්වායි.

එම අගය පෙන්නුම් කර ඇත්තේ පසු­ගිය 9 වැනි­දා­යින් අව­සන් වූ සතිය ඇතු­ළත ඉන්දීය විදේශ විනි­මය සංචි­තය ඩොලර් මිලි­යන 392කින් වර්ධ­නය වීමෙන් පසුවයි.

ඉන්දීය මහ බැංකුවේ නව­තම වාර්තා­ව­ලට අනුව එරට රන් සංචි­තය ද ඩොලර් බිලි­යන 112.83 දක්වා වර්ධ­න­යක් පෙන්නුම් කරන අතර, මෑත කාල­යේදී ලෝක වෙළෙ­ඳ­පොළේ රන් මිල තියුණු ලෙස ඉහළ යෑම ඊට හේතු වී ඇතැයි ද වාර්තා වේ.

ඉන්දීය විදේශ විනි­මය සංචි­තය ඉහළ යෑම සඳහා ගෝලීය අවි­නි­ශ්චිත තත්වය සහ ශක්ති­මත් ආයෝ­ජන ඉල්ලුම වර්ධ­නය වීම ද බලපා තිබේ.

පසු­ගිය දෙසැ­ම්බ­රයේ මුල් භාග­යේදී පැවති මුදල් ප්‍රති­පත්ති සමා­ලෝ­චන රැස්වි­ම­කින් පසුව ඉන්දීය මහ බැංකුව සඳ­හන් කර ඇත්තේ එරට විදේශ විනි­මය සංචි­තය වෙළෙඳ භාණ්ඩ ආන­ය­නය සඳහා මාස 11කට වැඩි කාල­සී­මා­ව­කට ප්‍රමා­ණ­වත් වන බවයි.

2024 වස­රට සාපේ­ක්ෂව පසු­ගිය වස­රේදී එරට විදේශ විනි­මය සංචි­තය ඩොලර් බිලි­යන 56කින් වර්ධ­නය වූ බවද ඉන්දීය මහ බැංකුව වැඩි­දු­ර­ටත් පවසයි.

World News

Send your contact Details Today