ජපානය ලොව විශාලතම න්‍යෂ්ටික බලාගාරය වන Kashiwazaki-Kariwa හි ප්‍රතික්‍රියාකාරක අංක 6 නැවත ක්‍රියාත්මක කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
ඒ 2011 ෆුකුෂිමා න්‍යෂ්ටික ව්‍යසනයෙන් පසු වසා දැමූ න්‍යෂ්ටික ප්‍රතික්‍රියාකාරක නැවත ආරම්භ කිරීමේ ප්‍රයත්නයේ කොටසක් ලෙසයි.
ප්‍රදේශවාසීන්ගේ ආරක්ෂක ගැටළු මධ්‍යයේ ගත් මෙම තීරණය අනුව බලාගාරය ලබන මාසයේ වාණිජමය විදුලි නිෂ්පාදනය ආරම්භ කිරීමට නියමිතයි.
2050 වන විට ශුද්ධ-ශූන්‍ය විමෝචනය ඉලක්ක කරගත් ජපාන රජය, බලශක්ති ආනයන මත යැපීම අඩු කිරීම සඳහා න්‍යෂ්ටික බලයට නැවත අවධානය යොමු කර තිබෙන බවයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් සඳහන් කරන්නේ.
එහෙත් ඉහළ පිරිවැය, දැඩි ආරක්ෂක නීති සහ මහජන විශ්වාස හිඟය හේතුවෙන් ජපානයේ න්‍යෂ්ටික බලශක්ති පුනර්ජීවනය දැඩි අභියෝගයකට මුහුණ දෙන එකක් බව විචාරකයින් පවසයි.