යුරෝපීය රටවල් අටක් සඳහා අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් පැනවීමට නියමිතව තිබූ සියයට 10ක ආනයන බදු ඉවත් කිරීමට තීරණය කර තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
ඒ ස්විට්සර්ලන්තයේ ඩාවෝස් නුවර පැවැත්වෙන ලෝක ආර්ථික සමුළුව අතරතුර නේටෝ (NATO) මහලේකම් මාර්ක් රූට් සමග පැවැත්වූ සාකච්ඡාවකින් අනතුරුවයි.
ඩෙන්මාර්කයට අයත් ග්‍රීන්ලන්තය අත්පත් කරගැනීම සම්බන්ධයෙන් ඇති වූ මතභේදාත්මක තත්ත්වය හමුවේ මෙම බදු පැනවීමට මීට පෙර තීරණය කර තිබුණි.
ග්‍රීන්ලන්තය සහ ආක්ටික් කලාපය සම්බන්ධයෙන් “අනාගත එකඟතාවයක මූලික රාමුවක්” සකස් කර ඇති බැවින්, පෙබරවාරි 01 වැනිදා සිට ක්‍රියාත්මක වීමට තිබූ බදු ඉවත් කළ බවයි ට්‍රම්ප් ප්‍රකාශ කළේ.
ග්‍රීන්ලන්තය අත්පත් කර ගැනීම සඳහා හමුදා බලය හෝ බලහත්කාරය භාවිත නොකරන බව ඔහු අවධාරණය කර තිබේ.
දූපත මිලදී ගැනීම හෝ එහි පාලනය ලබා ගැනීම සඳහා ඩෙන්මාර්කය සමග වහාම සාකච්ඡා ආරම්භ කරන ලෙසයි ඔහු සිය නිලධාරීන්ට උපදෙස් දී ඇත්තේ.