ජාත්‍යන්තර දියවැඩියා සම්මේලනය (IDF) විසින් පස්වන වර්ගයේ දියවැඩියාව (Type 5 Diabetes) නිල වශයෙන් පිළිගෙන ඇත.
ඒ දශක හතක් තිස්සේ පැවැති වාද විවාදවලින් පසුව වීම විශේෂත්වයක්.
මෙය ප්‍රධාන වශයෙන් බලපාන්නේ මන්දපෝෂණයෙන් පෙළෙන, අඩු සහ මධ්‍යම ආදායම්ලාභී රටවල වෙසෙන මිලියන 25 කට අධික වැසියන්ටය.
අනෙකුත් දියවැඩියා වර්ග මෙන් නොව, මෙය තරබාරුකම, වැරදි ජීවන රටාව හෝ ජානමය හේතු මත ඇතිවන්නක් නොවේ.
පෝෂණ ඌනතාව නිසා අග්න්‍යාශයේ ක්‍රියාකාරිත්වය අඩාල වීම මෙයට ප්‍රධාන හේතුව ලෙස සැලකෙයි.
මෙම දියවැඩියා තත්ත්වය, 1955 වසරේ දී මුලින්ම හඳුනාගත්තද, නිසි සාක්ෂි නොමැති බව පවසමින් ලෝක සෞඛ්‍ය සංවිධානය 1999 දී මෙහි වර්ගීකරණය ඉවත් කර තිබුණි.
මෙම රෝගීන්ගේ ශරීරය ඉන්සියුලින්වලට දක්වන ප්‍රතිචාරය වෙනස් බැවින්, සාමාන්‍ය දියවැඩියා ප්‍රතිකාර මොවුන්ට හානිකර විය හැකිය.
එබැවින් මෙම නව වර්ගීකරණය හරහා නිවැරදි රෝග විනිශ්චයක් සහ සුදුසු ප්‍රතිකාර ක්‍රමවේදයක් අනාගතයේදී ලබා දීමට විද්‍යාඥයෝ බලාපොරොත්තු වෙති.