Latest News

ජපානයේ හිටපු අගමැති ඝාතනය කල පුද්ගලයාට ලැබුණු දඬුවම

Published 10 days ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

ජපානයේ හිටපු අගමැති ෂින්සෝ අබේ මහතා ඝාතනය කළ පුද්ගලයාට ජීවිතාන්තය දක්වා සිරදඬුවම් නියම කර තිබේ.

විදෙස් මාධ්‍ය වාර්තා කරන පරිදි, එම තීන්දුව ජපන් අධිකරණයක් විසින් අද (21) ලබා දී ඇත.

ෂින්සෝ අබේ මහතා 2022 ජූලි මාසයේදී, ජපානයේ බටහිර නාරා නගරයේ පැවති දේශපාලන රැලියක් අතරතුර වෙඩි තබා ඝාතනය කරනු ලැබීය.

ඝාතනය සිදුවී වසර තුනහමාරකට පසුව මෙම නඩුවට අදාලව අධිකරණය විසින් ලබා දුන් මෙම තීන්දුව, ජපාන නීති ඉතිහාසයේ වැදගත් තීරණයක් ලෙස ද සැලකෙයි.

ෂින්සෝ අබේ මහතා ජපානයේ දිගු කාලයක් අගමැති ධුරය දැරූ නායකයෙකු වූ අතර, ඔහුගේ ඝාතනය ජාත්‍යන්තර දේශපාලන ක්ෂේත්‍රයට ද විශාල බලපෑමක් ඇති කළ සිදුවීමක් විය.

World News

Send your contact Details Today