පුද්ගලයින් තිදෙනෙකු රැගත් සංචාරක හෙලිකොප්ටරයක් අතුරුදහන් වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
ඒ ජපානයේ ක්‍රියාකාරී ගිනි කන්දක් වන “මවුන්ට් අසෝ” අසලදීයී.
මෙලෙස අතුරුදන් වී ඇත්තේ අවුරුදු 60 ක නියමුවා, වයස අවුරුදු 40ක් වන පිරිමි පුද්ගලයෙක් සහ 30 හැවිරිදි කාන්තාවක් බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.
නියමුවා දශක ගණනාවක ගුවන් ගමන් අත්දැකීම් සහ උපදේශක පසුබිමක් ඇති ප්‍රවීණයෙක් බවද විදෙස් මාධ්‍යවල සඳහන්.
පොලිසිය සහ ගිනි නිවන දෙපාර්තමේන්තු නිලධාරීන් අසෝ කන්දේ නකාඩකේ ආවාටය අසල ප්‍රදේශය සෝදිසි කරමින් සිටින බවද විදෙස් මාධ්‍ය වාර්තා කළේය.