Latest News

ස්පාඤ්ඤයේ බාසිලෝනා ප්‍රදේශයේ අදත් දුම්රිය අනතුරක් – දුම්රිය රියදුරෙකු ජිවිතක්ෂයට (PHOTOS)

Published 10 days ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

ස්පාඤ්ඤයේ බාසිලෝනා ප්‍රදේශයේදී මගී දුම්රියක් පීලි පැන අනතුරට ලක්වීමෙන් දුම්රිය රියදුරෙකු මිය ගොස් පුද්ගලයින් 37 දෙනෙකුට අධික පිරිසක් තුවාල ලබා තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

අනතුරට ලක් වූ තුවාලකරුවන්ගෙන් 5 දෙනෙකු බරපතල තත්ත්වයේ පවතින බව කැටලෝනියා කලාපීය රජයේ නිලධාරීන් පවසති.

අනතුර සිදු වූයේ R4 රේඛාවේ මගී දුම්රියක් ගෙලිඩා සහ සැන්ට් සදුර්නි ද’අනෝයා අතර ගමන් කරමින් සිටියදීයි.

අසල තාප්පයක් කඩා වැටීම නිසා එය මාර්ගයට වැටී දුම්රිය ගැටීමෙන් මෙම අනතුර සිදු වී තිබේ.

මෙය දැඩි වැසි හා කුණාටු තත්ත්වයන් නිසා සිදු වූ බව රේල්වේ ආයතනය සහ කැටලෝනියා අග්‍රාමාත්‍යාංශය සඳහන් කරයි.

ඊසානදිග ස්පාඤ්ඤයට බලපෑ දැඩි හිම කුණාටු තත්ත්වයත් සමඟ මෙම අනතුර සිදුව තිබේ.

දුම්රිය තුළ සිරවූ මගීන් බේරා ඉන් ඉවත් කිරීමට අදාළ අංශ පියවර ගෙන ඇති බව සඳහන්ය.

මීට දින දෙකකට පෙර ද දකුණු ස්පාඤ්ඤයේ දුම්රිය දෙකක් ගැටීමෙන් සිදුවූ අනතුරකින් පුද්ගලයින් 42 දෙනෙකු මියගිය බව විදෙස් වාර්තා සඳහන් කළේය.

World News

Send your contact Details Today