Latest News

අමෙරිකාවට යන අයගේ වසර 05ක සමාජ මාධ්‍ය ඉතිහාසය සොයා බැලීමට සූදානමක්

Published 10 days ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

අමෙරිකා එක්සත් ජනපදයට සංචාරය කරන පුද්ගලයන්ට ඉදිරියේදී තමන්ගේ වසර පහක සමාජ මාධ්‍ය ඉතිහාසය බෙදා ගැනීමට සිදුවිය හැකි බවට වාර්තා වී තිබේ.

ඒ අනුව ට්‍රම්ප් පරිපාලනය යටතේ යෝජනා කර ඇති මෙම නව ක්‍රමය, රටවල් 42 ක සංචාරකයින් සඳහා ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇති බව සඳහන්.

නව යෝජනාව ක්‍රියාත්මක වුවහොත්, සමාජ මාධ්‍ය ගිණුම්, දුරකථන අංක, ඊමේල් ලිපින, පවුලේ පුද්ගලික තොරතුරු සහ ජෛවමිතික දත්ත වැනි අතිශය සංවේදී තොරතුරු ලබා දීමට සිදුවනු ඇති බවටයි වාර්තා වන්නේ.

කෙසේ වෙතත් නව නීතිය හේතුවෙන් මෙම සංඛ්‍යාව තවදුරටත් පහත වැටිය හැකි බවට අනතුරු අඟවා ඇත්තේ.

මෙම යෝජනාව පිළිබඳව මහජන අදහස් ලබා ගැනීම සඳහා දින 60ක කාලයක් ලබා දී ඇති අතර, අවසන් තීරණය ඉදිරියේදී ප්‍රකාශයට පත් කිරීමට නියමිතයි.

World News

Send your contact Details Today