Latest News

හිම කුණාටුවක් නිසා අධිවේගී මාර්ගයක මෝටර් රථ සියයකට අධික සංඛ්‍යාවක් එකිනෙක ගැටෙයි

Published 2 months ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

අමෙරිකාවේ මිචිගන් ප්‍රාන්තයේ අධිවේගී මාර්ගයක මෝටර් රථ සියයකට අධික සංඛ්‍යාවක් එකිනෙක ගැටී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ඒ එරටට බලපා ඇති හිම කුණාටු තත්ත්වයත් සමඟයි.

ඒ අනුව මිචිගන් ප්‍රාන්තයට බලපා ඇති හිම කුණාටු තත්ත්වයත් සමඟ අධික හිම පතනයක් සිදුව ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා පවසන්නේ.

ඒ සමඟම අධිවේගී මාර්ගයක ගමන් කළ මෝටර් රථ ලිස්සා ගොස් සියයකට අධික සංඛ්‍යාවක් එකිනෙක ගැටී තිබේ.

එමෙන්ම එම අධිවේගී මාර්ගයේ ගමන්ගමන කටයුතු ද සම්පූර්ණයෙන් ඇණහිට තිබේ.

එකිනෙක ගැටුණු මෝටර් රථ ඉවත් කිරීමේ කටයුතු සිදුකරමින් පවතින බවයි වාර්තා වන්නේ.

අනතුර හේතුවෙන් මෝටර් රථ තුළ ගමන් කළ පුද්ගලයින් කිහිප දෙනෙකු ද සුලු තුවාල ලබා ඇති බව සඳහන්.

උතුරු මිනසෝටා, නැගෙනහිර විස්කොන්සින් / ඉන්දියානා, ඔහයෝ, පෙන්සල්වේනියා, නිව්යෝර්ක් යන ප්‍රදේශයන්ට අධික සීත කාලගුණය හා හිම කුණාටු තත්ත්වයක් ඇතිවීමේ හැකියාවක් පවතින බවයි එරට කාලගුණ අංශ දැනුම් දෙන්නේ.

World News

Send your contact Details Today