Latest News

දකුණු අප්‍රිකාවේ ජාතික ආපදා තත්ත්වයක් – 200 දෙනෙකු ජිවිතක්ෂයට

Published 11 days ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

දකුණු අප්‍රිකාවේ ජාතික ආපදා තත්ත්වයක් ප්‍රකාශයට පත් කර තිබේ.

ඒ සති කිහිපයක් තිස්සේ ඇද හැලෙන අධික වර්ෂාව සහ ඉන් හටගත් ගංවතුර හේතුවෙන්.

ඒ අනුව අග්නිදිග අප්‍රිකාව පුරා පුද්ගලයින් 200 කට වැඩි පිරිසක් මිය ගොස් ඇති බවයි විදෙස් වාර්තා පවසන්නේ.

ලක්ෂ සංඛ්‍යාත පිරිසක් අවතැන් වී ඇති මෙම තත්ත්වය හේතුවෙන් දකුණු අප්‍රිකාවේ උතුරු ප්‍රදේශයේ ඇති වූ ගංවතුර සැලකිල්ලට ගෙන එරට බලධාරීන් පසුගිය ඉරිදා ජාතික ආපදා තත්ත්වයක් ප්‍රකාශයට පත් කළහ.

විශේෂයෙන්ම එරට පුමලංගා සහ ලිම්පෝපෝ යන පළාත්වලට මින් දැඩි බලපෑම් එල්ල වී තිබේ.

සෙලාටි ගඟ හරහා ඉදිකර තිබූ පාලමක් ද ගංවතුරට විනාශ වී ඇති බව සඳහන්.

ලිම්පෝපෝ පළාතේ සහන සේවකයින් දිවි ගලවා ගත් අය සෙවීමේ මෙහෙයුම්වල නිරතව සිටින අතර එහි යටිතල පහසුකම්වලට සිදු වූ හානිය යුරෝ මිලියන 217ක් පමණ වෙතැයි එරට රජය ඇස්තමේන්තු කර තිබේ.

දෙසැම්බර් අග සිට දකුණු අප්‍රිකාව, මොසැම්බික් සහ සිම්බාබ්වේ යන රටවලට මෙම අධික වර්ෂාව බලපා තිබුණාණි.

මින් මොසැම්බික් රාජ්‍යයෙන් පමණක් මරණ 100 කට වඩා වාර්තා වූ බව සඳහන්.

මෙම ආපදා තත්ත්වය හේතුවෙන් මොසැම්බික් ජනාධිපති ඩැනියෙල් චාපෝ ස්විට්සර්ලන්තයේ ඩාවෝස් නුවර පැවැත්වෙන ලෝක ආර්ථික සමුළුවට සහභාගී වීමට තිබූ සංචාරය ද අවලංගු කළේය.

මොසැම්බික්හි මුළු පීඩාවට පත් සංඛ්‍යාව 400,000 කට වැඩි බව බලධාරීන් පවසයි.

වර්ෂාව තවදුරටත් පවතින බැවින් මෙම සංඛ්‍යාව තවත් ඉහළ යා හැකි අතර බොහෝ පිරිසක් අතුරුදහන් වී ඇති බවයි වාර්තා වන්නේ.

ලෝක ආහාර වැඩසටහන (WFP) පවසන්නේ මෙය වසර ගණනාවකින් මොසැම්බික් රාජ්‍යයට බලපෑ දරුණුතම ගංවතුර බවයි.

සහල් සහ බඩ ඉරිඟු ඇතුළු වගාබිම් හෙක්ටයාර 70,000 කට වඩා විනාශ වී ඇති අතර, මෙය දැනටමත් දුප්පත් රටක් වන මොසැම්බික්හි ආහාර සුරක්ෂිතතාවයට දැඩි තර්ජනයක් වී තිබේ.

ලෝක බැංකු වාර්තාවකට අනුව 1980 සිට 2022 දක්වා කාලය තුළ මොසැම්බික් රාජ්‍යයට සුළි කුණාටු 28 ක්, දරුණු ගංවතුර 20 ක් සහ නියඟ 15 ක් බලපා තිබේ.

World News

Send your contact Details Today