අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් ඉන්දියාවට නිල වශයෙන් ආරාධනයක් සිදුකර තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
ඒ ආරම්භ කරන ලද සාම මණ්ඩලයට එක්වන ලෙසයි.
මෙම නව වැඩපිළිවෙළේ මූලික අවධානය ගාසා තීරයේ යුදමය වාතාවරණය සමනය කිරීමයි.
අමෙරිකානු ජනාධිපතිවරයා මේ සඳහා ඉන්දියාව ඇතුළු රටවල් 60කට පමණ ආරාධනා කර ඇති අතර පාකිස්ථානය ද ඊට අයත් බව සඳහන්.
ගාසා තීරයේ සාමය ස්ථාපිත කිරීමේ ජාත්‍යන්තර ප්‍රයත්නයන්ට සහාය දෙන බව පාකිස්ථාන රජය දැනටමත් ප්‍රකාශ කර තිබෙන අතර ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යාංශය මෙම ආරාධනය සම්බන්ධයෙන් මෙතෙක් නිල ප්‍රතිචාරයක් දක්වා නොමැත.
මෙම රාජ්‍යතාන්ත්‍රික ඇරයුම පැමිණෙන්නේ ඉන්දියාව සහ අමෙරිකාව අතර යම් නොසන්සුන්කාරී වාතාවරණයක් පවතින පසුබිමක වීම විශේෂත්වයක්.
විශේෂයෙන්ම අමෙරිකාවට අපනයනය කරන ඉන්දීය භාණ්ඩ සඳහා දැනට පනවා ඇති සියයට 50ක ඉහළ බදු ප්‍රතිශතය අඩු කර ගැනීම සඳහා වූ වෙළඳ ගිවිසුමක් මෙතෙක් සාර්ථක වී නොමැත.