නවසීලන්ත ජාතික හිටපු ක්‍රිකට් ක්‍රිඩක Neil Trevour Broom ට සහ එංගලන්ත ජාතික හිටපු ක්‍රිකට් ක්‍රිඩක Phill Mustard ට මුදලට තරග පාවාදීම සදහා යෝජනා කිරිම සම්බන්ධයෙන් චෝදනා ලැබ සිටි එම තරගාවලියේ පන්ජාබ් රෝයල් කණ්ඩායමේ කලමණාකරු වු ඉන්දියානු ජාතික ආකාශ් පච්ලෝඩියා (Akash Pachlodia) යන අයට වසර දහයකට අත්හිටවූ වසර හතරක සිර දඬුවමක් මහනුවර මහාධිකරණය විසින් නියම කර තිබෙනවා.
ඒ, සම්බන්ධයෙන් අද (27) පැවති නඩු විභාගය අතරතුරදි අදාළ චෝදනාවන්ට ඉන්දියානු ජාතික ආකාශ් පච්ලෝඩියා (Akash Pachlodia) වරද පිළිගෙන ඇති අතර සියළු කරුණු සළකා බලා මහාධිකරණ විනිසුරු දර්ශිකා මහත්මිය විසින් මෙම නියෝග නිකුත් කළා.
ඊට අමතරව අදාල චෝදනාවන්ට රුපියල් මිලියන 11 ක දඩයක්ද නියම කරනු ලැබුවා.
2024 මාර්තු මස මහනුවර පල්ලේකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනයේ පැවති ‘ප්‍රවිනයන්ගේ ක්‍රිකට් කුසලාන තරගාවලියේදි’ නවසීලන්ත ජාතික හිටපු ක්‍රිකට් ක්‍රිඩක Neil Trevour Broom ට සහ එංගලන්ත ජාතික හිටපු ක්‍රිකට් ක්‍රිඩක Phill Mustard ට මුදලට තරග පාවා දීමට බලපෑම් කළේ යැයි චෝදනා කරමින් අධි චෝදනා දෙකක් යටතේ පවරා තිබූ නඩු දෙකක් සලකා බැලීමෙන් අනතුරුවයි මෙම නියෝගය ලබා දී ඇත්තේ.
2019 අංක 49 දරණ ක්‍රීඩා වැරදි වැළැක්වීමේ පනත ප්‍රකාරව මෙම අධි චෝදනා ගොනු කර තිබු අතර පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටියේ රජයේ ජේෂ්ඨ නීතිඥ උදාර කරුණාතිලක මහතායි.
විත්තිය වෙනුවෙන් ජනාධිපති නීතිඥ ගාමිණී මාරපන මහතා පෙනී සිටියා.