Latest News

ඉරානයේ විරෝධතාකරුවන් ගැන එරට ආගමික නායකයා පළමුවරට පිළිගත් දේ

Published 12 days ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

ඉරාන රජ­යට එරෙ­හිව පසු­ගිය දින­වල පැතිරී ගිය විරෝ­ධතා හේතු­වෙන් දහස් සංඛ්‍යාත ජීවිත අහිමි වූ බව එරට ආග­මික නායක අය­තුල්ලා අලි කමේනි පළමුවරට පිළි­ගත් බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

පසු­ගි­යදා ඉරාන ජන­තාව අමතා දේශ­න­යක් සිදු කර­මින් ඔහු මේ බව සඳ­හන් කර ඇති අතර, සිය පුර­වැ­සි­යන්ගේ ජීවිත අහි­මි­වීම වෙනු­වෙන් අමෙ­රි­කා­වට දොස් පැවැරූ බව ද විදෙස් මාධ්‍ය වැඩි­දු­ර­ටත් වාර්තා කරයි.

සති දෙක­කට වැඩි කාල­යක් ඉරා­නයේ පැතිරී ගිය විරෝ­ධතා සහ ප්‍රචණ්ඩ ක්‍රියා හේතු­වෙන් පුද්ග­ල­යන් 3,090ක් ජීවි­ත­ක්ෂ­යට පත්වූ බව අමෙ­රි­කාව කේන්ද්‍ර කර­ගත් ඉරාන මානව හිමි­කම් සංවි­ධා­න­යක් ප්‍රකාශ කර ඇති අතර, මිය­ගිය ගණන ඊට වැඩි බවට තවත් සංවි­ධාන කිහි­ප­යක් සඳ­හන් කළ බව වාර්තා වේ.

කෙසේ වුවද විරෝ­ධතා පැතිරී ගිය කාල­යේදී එරට අන්ත­ර්ජාල සම්බ­න්ධතා අත්හි­ටුවා තිබූ බැවින් මිය­ගිය පුද්ග­ල­යන්ගේ සංඛ්‍යාව නිශ්චිත වශ­යෙන් තහ­වුරු කර­ගැ­නී­මට නොහැකි බව ද වාර්තා වේ.

World News

Send your contact Details Today