Latest News

සාගරය සහ සාගර ජීවීන් ආරක්ෂා කිරීමේ ගිවිසුම බලාත්මක කෙරේ

Published 12 days ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

සාගරය සහ සාගර ජීවීන් ආරක්ෂා කිරීම සඳහා කලක සිට සාකච්ඡා මට්ටමින් තිබූ ‘BBNJ'(Biodiversity Beyond National Jurisdictions) ගිවිසුම බලාත්මක කර තිබේ.

ඒ අනුව වසර 20කට ආසන්න කාලයක් පුරා පැවති සාකච්ඡාවලින් පසු මෙය ක්‍රියාවට නංවා තිබේ.

ඉකුත් සැප්තැම්බර් මාසයේදී රටවල් 60ක් මෙම ගිවිසුමේ අන්තර්ගත නිර්ණායක අනුමත කර තිබූ අතර, එතැන් සිට දින 120කට පසුව මෙය බලාත්මකවීම සුවිශේෂීය.

දෙසැම්බර් වනවිට මේ සඳහා චීනය සහ ජපානය වැනි ප්‍රධාන සමුද්‍රීය බලවතුන් එක්වීමත් සමග අදාළ ගිවිසුම අනුමත කළ රටවල් ගණන ජනවාරි වනවිට 83ක් දක්වා ඉහළ ගියේය.

දේශගුණික විපර්යාස හේතුවෙන් උග්‍රවන විනාශකාරී ධීවර පිළිවෙත්, නැව්ගත කිරීම, ප්ලාස්ටික් දූෂණය, අධික ලෙස මසුන් ඇල්ලීම සහ ගැඹුරු මුහුදේ කැණීම් වැනි කටයුතු පාලනය කිරීම සඳහා මෙම ගිවිසුම ක්‍රියාත්මක විය.

වර්තමානය වනවිට ජාත්‍යන්තර මුහුදු සීමාවේ මෙම කටයුතු පාලනය කර ඇත්තේ 1%ක් පමණක් බව සඳහන්. ඒ අනුව මෙම ගිවිසුම බලාත්මක වීම සාගර සංරක්ෂණය සඳහා ඓතිහාසික අවස්ථාවක් සනිටුහන් කරනු ඇත.

World News

Send your contact Details Today