Latest News

ICC නවතම එක්දින ශ්‍රේණිගත කිරීම් නිකුත් කෙරේ – ශ්‍රී ලංකාවට ලැබුණු තැන මෙන්න

Published 11 days ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

අන්තර් ජාතික ක්‍රිකට් කවුන්සිලය විසින් නවතම ශ්‍රේණිගත කිරීමේ නිකුත් කර තිබේ.

ඒ නවසීලන්ත – ඉන්දියා එක්දින ක්‍රිකට් තරගාවලිය නිමාවීමෙන් අනතුරුවයි.

ඒ අනුව ඉන්දියාව තරග 44කදී ප්‍රසාද ලකුණු 5,314ක් ලබා ගනිමින් 121ක රේටින් අගයක් සමඟ පළමු ස්ථානය හිමිකරගෙන තිබේ.

නවසීලන්තය 113ක රේටින් අගයක් සමඟ දෙවන ස්ථානයේ පසුවෙයි.

ඕස්ට්‍රේලියාව රේටින් 109ක් සමඟ තෙවන ස්ථානයට පත්ව තිබේ.

එමෙන්ම ශ්‍රී ලංකාව එම ලැයිස්තුවේ පස්වන ස්ථානයේ පසුවන්නේ ලකුණු 4,392ක් සහ 100ක රේටින් අගයක් සමඟයි.

ඇෆ්ගනිස්තානය ප්‍රබල එංගලන්ත කණ්ඩායම අභිබවා 7 වන ස්ථානය දක්වා ඉදිරියට පැමිණ තිබීමත් මෙම ලැයිස්තුවේ ඇති විශේෂත්වයක්.

World News

Send your contact Details Today