පසුගිය සෙනසුරාදා පුද්ගලයින් 11 දෙනෙකු සමගින් අතුරුදන් වූ ඉන්දුනීසියානු ගුවන් යානයේ සුන්බුන් සොයා ගෙන තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
ඒ ඉන්දුනීසියාවේ දකුණු සුලවේසි හි බුලුසරවුන් කන්දේ තිබීයදීයි.
කෙසේ වෙතත් යානයේ සුන්බුන් හමුවූවත් එහි සිටි පුද්ගලයින් පිළිබඳ මෙතෙක් තොරතුරු අනාවරණය වී නොමැති අතර, ඔවුන් සෙයා විශේශිත මෙහෙයුමක් ආරම්භ කර තිබේ.
අදාළ යානය ඉන්දුනීසියානු සමුද්‍ර කටයුතු සහ ධීවර අමාත්‍යාංශයට අයත් බවටයි තොරතුරු අනාවරණය වී ඇත්තේ.